ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මවුබස කුමක්දැයි යන්න පිළිබඳව අන් ආගමික ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව අතරත් විවිධ මතිමතාන්තර ඕනෑතරම් පළවී ඇත. නමුත් මේ දෙපාර්ශ්වයේම බහුතරය විශ්වාස කරන්නේ මුස්ලිම් ජනතාවගේ මවු බස දෙමළ බස යන්නයි. ඇතැම් මුස්ලිම් ජනයා එය අරාබි බස විය යුතුය කියා ද මත පළ කරති. මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා විශේෂ දේව මෙහෙය දෙමළ හා අරාබි බසින් පැවැත්වීම ඊට හොඳම උදාහරණයකි. මේ නිසාම ශ්‍රී ලංකාවේ බහුතර දෙමල මුස්ලිම් ජනතාව භාවිතා කරන්නේ දෙමළ බසය. එය අද ඊයෙක සිට නොව පරම්පරා ගණනාවක කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නකි. ශ්‍රී ලාංකික බහුතර දෙමල මුස්ලිම් ප්‍රජාව දෙමළ බස කතා කළත්, කොළඹ, මහනුවර,හම්බන්තොට හා ගාල්ල වැනි ප්‍රධාන නගරවල මුස්ලිම් ජනතාව ඉංග්‍රීසි බසත්, සිංහල බසත් ,මැලේ බසත් තම ප්‍රධාන භාෂාව බවට පත්කරගෙන සිටිති. විශේෂයෙන් හම්බන්තොට ජීවත්වන මුස්ලිම් ජනයා ඉතා නිවැරැදිව සිංහල බස හසුරුවති. මෙරට ජීවත්වන මැලේ මුස්ලිම් ජාතිකයන්ගේ ප්‍රධානතම භාෂා වන්නේ ද මැලේ, සිංහල හා ඉංග්‍රීසිය. එහෙත් දෙමළ බස මුස්ලිම්වරුන්ගේ භාෂාවකැයි ලේබල් ගසා ඇති නිසාම මුස්ලිම් ජාතිකයකුට තවත් මුස්ලිම් ජාතිකයකු ම
මැලේ,යෝනක,මුර්,මරක්කල සමාජය හා ඉස්ලාම් ධර්මය , ලාංකීය මුස්ලිම් සමාජය
ලියවිල්ල මිස් වෙලා.. පොඩ්ඩක් බලලා හරි ගස්සන්න....
ReplyDeleteඑකනේ
Delete