Skip to main content

මුස්ලිම් ජාතිකයන් යනු කවුද?

ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස මාද්‍ය තුලින් අප අසා ඇත.
මුස්ලිම්  ජාතිකයන් ලෙස ජාතියක් හෝ ජනවර්ගයක් නොමැත .සිංහල ප්‍රජාව බොහෝ විට මුස්ලිම් ජාතිකයන් ලෙස හදුන්වන්නේ අනවබෝධය නිසාය.

ඉස්ලාම් ආගම අදහන ප්‍රජාව හදුන්වන පොදු නාමය මුස්ලිම් කියාය. මුස්ලිම් ප්‍රජාව තුල විවිධ ජාතින්ගෙන් සැදුම්ලත් ආගමික ප්‍රජාවකි.

උදාහරණයක් ලෙස සිංහල ජාතික බෞද්ධයන් සේම සිංහල ජාතික කතෝලික , සිංහල ජාතික මුස්ලිම්වරු සිටිති.

ජාතිය හා ආගම සදහන් කිරිමේදී බොහෝ දෙනෙකු පටලවා ගන්නා තැනකි ආගම සහ ජනවර්ගය.

ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස පවසනවා මාද්‍ය තුලින් දැක ඇත්තෙමු.
එය බුදුදහම අදහන බෞද්ධයන් ලෙස කිවා සමානය.
බුදුදහම අදහන්නන් බෞද්ධයන් මිස බුදුදහම අදහන කතෝලිකයකු හෝ බුදුදහම අදහන මුස්ලිම්වරු ලෙස පැවසිය නොහැක.
එය එක් ආගමික ප්‍රජාවක් නිසාය.

එබැවින් නොදැනුවත්කම නිසාම මුස්ලිම් ජාතික බෞද්ධයන් ලෙසත් ප්‍රකාශ වන අවස්ථා නැතුවා නොවේ.

සැබැවින්ම ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුල මුස්ලිම් ආගම අදහන විවිධ ජාතින් සිටිති.

සිංහල මුස්ලිම්වරු
මැලේ මුස්ලිම්වරු
මුවර් හෙවත් යෝනක මුස්ලිම්වරු
මරක්කල මුස්ලිම්වරු
දෙමල මුස්ලිම්වරු
බොරා මුස්ලිම්වරු
මෙමොන් මුස්ලිම්වරු

ඉහත සදහන් විවිධ ජාතින්ගෙන් සැදුම්ලත් මුස්ලිම් හෙවත් ඉස්ලාම් ආගම අදහන ප්‍රජාව පොදුවේ හදුන්වන්නෙ මුස්ලිම්වරු කියාය.

කෙසේ නමුත් ඉහත ජනවර්ග විවිධ භාශා කතා කරන වෙනස් ඉතිහාසයක්  සහිත වෙනස් සංස්කෘතික අංග හා සම්ප්‍රදායන්ගෙන් හෙබි එකම දහමක් අදහන ප්‍රජාවකි .

මුස්ලිම් ඉතිහාසය ගත්විට මුස්ලිම්වරුන් ලංකාවට සංක්‍රමණය වුයේ අරාබියෙන් හෝ මැදපෙරදිග රටකින් නොවේ.
එයට හේතුව විවිධ ජනවර්ග වලින් වෙනස් වූ ඉතිහාසයක් හිමි බැවිනි.
කෙසේ නමුත් ලාංකීය මුස්ලිම්වරුන් පැවත එන්නන් අරාබි ජාතිකයන් ගෙන් බව ව්‍යාජ ඉතිහාසයක් සමාජ ගත කර ඇත.

මරක්කල මුස්ලිම් ප්‍රජාව පැවත එන්නේ දකුණු ඉන්දියානු මලබාර් හා කැලිකට් ප්‍රදේශයෙනි .සැලකිය යුතු පිරිසකට ඉන්දියානු ගුවන් බලපත්‍ර හිමිය. යටත් විජිත සමයේ ලංකාවට සංක්‍රමණය වන්නේ වතු හා කුලී කම්කරුවන් ලෙසය.

මුවර් හෙවත් යෝනක මුස්ලිම්වරු සංක්‍රමණය වුයේ යෙමනය හෝ මොරොක්කෝවෙනි. වෙලදාම සදහා සංක්‍රමණය වන මෙම ප්‍රජාව පසු කලක ලංකාවේ අනෙකුන් කාන්තාවන් හා විවාහ වී පැවත එන ප්‍රජාවකි .

මැලේ මුස්ලිම්වරුන් සංක්‍රමණය වුයේ ඉන්දුනීසියානු හා ජාවා දූපත් සමුහයෙන් බව ඉතිහාසය ගවේෂණය කිරිමේදී හෙලිවේ.සැලකිය යුතු පිරිසක් යටත් විජිත සමයේ ලංකාවට සංක්‍රමණය වුවද අදින් වසර දහසකට පෙර සිට පැමිනි ඇති බව ඉතිහාසය ගවේෂණය කිරිමේදී හෙලිවේ  .

එ අනුව
දෙමල ජාති මුස්ලිම්වරු පසුකාලිනව ඉස්ලාම් අදහන්නන් වූ බැවින් ඔවුන් දෙමල ඉතිහාසයට හිමිකම් කියයි.වතුකරය හා උතුරු නැගෙනහිර ප්‍රදේශවල බහුතර මුස්ලිම් ප්‍රජාව මෙයට අයත් වේ.

එසේම සිංහල ජාතිකයන් පසුකාලීනව ඉස්ලාම් අදහන පිරිසක් සිටින් බැවින් සිංහල මුස්ලිම්වරු ලෙසත් හදුන්වයි.
එ අනුව සිංහල ජාතික මුස්ලිම්වරු වෙනත් මුස්ලිම් රටකින් සංක්‍රමණය වුයේ නැත. සිංහල ඉතිහාසයක් හිමි සිංහල මුස්ලිම්වරු සිංහල වාසගම් සහිතව අදටත් ජීවත් වෙ.

එ අනුව මුස්ලිම් ඉතිහාසය ලෙස අප හදුන්වන්නේ සැබෑ ඉතිහාසයක් නොවේ .

එබැවින් විවිධ ඉතිහාසයක් හිමි මුස්ලිම් ප්‍රජාව මෙරටේ වෙසෙන බව  ගවේෂණය කිරිමේදී  හෙලිවේ.
විශේෂයෙන් රජයේ පාසල් ඉතිහාස පෙලපොත් වල පවා මුස්ලිම් ඉතිහාසය ලෙස සදහන් වන්නෙ ලාංකිය මුස්ලිම් ප්‍රජාව සංක්‍රමණය වුයේ අරාබි රටකින් බවයි, එය මුවර් මුස්ලිම්වරු හෙවත් යෝනක මුස්ලිම් ඉතිහාසය ලෙස නිවැරැදි විය යුතුය .

මන්ද මෙරටේ සමස්ථ මුස්ලිම් ප්‍රජාව එකම ඉතිහාසයට හිමිකම් නොකියන බැවිනි.

මුස්ලිම් ආගම අදහන බහුතර ජනවර්ගය යෝනක හෙවත් මුවර් මුස්ලිම්වරුන් ය.
පිලිවෙලින් , මරක්කල මුස්ලිම්වරු ද, මැලේ මුස්ලිම්වරු ද, දමිල මුස්ලිම්වරු ද, සිංහල මුස්ලිම්වරු ද , බෝරා මුස්ලිම් ද, මෙමෝන් මුස්ලිම් වරුන්දවේ.

ඉහත විවිධ ජාතීන්ට අයත් මුස්ලිම්වරු ජාතින් අනුව භාශාව හා සංස්කෘතිය ද වෙනස් වේ.

මුවර් හා මරක්කල මුස්ලිම්වරුගේ මව් භාශාව දෙමල වන අතර මුවර් ජාතික මුස්ලිම්වරුගෙන් සැලකිය යුතු පිරිසක් සිංහල භාශාව භාවිතා කරයි.
මුවර් හා මරක්කල මුස්ලිම් ප්‍රජාව අතීතයේ දී හින්දු සංස්කෘතිකාංග සුලු චාරිත්‍ර අනුගමන කල බව පෙනේ. කාන්තාවන් සාරි අදීමට අමතරව මුස්ලිම් ආගමානුකූලව සාරි පොටෙන් හිස වැසීම, නාසයට කරාබු පැලදීම වැනි දෑ සිදුකලද වර්තමානයේ අරාබි සංස්කෘතිව අබායා නමින් හදුන්වන කාල වර්ණ කාන්තා ඇදුම භාවිතා කරයි.

මැලේ මුස්ලිම්වරුගේ මව් භාශාව මැලේ වන අතර බොහෝ පිරිසකට සිංහල හා දෙමල චතුර ලෙස කතා කිරිමේ හැකියාවක් ඇත. වර්ණවත් බතික් මොස්තරයෙන් හැඩගැන්වු ඇදුම් ආවේණික වන අතර කාන්තාවන් කෙබායා හෝ බාජු මෙලායු නම් බතික් ඇදුම ප්‍රදාන සංස්කෘතික ලක්ශනයකි.මැලේ අනන්‍යතාවය සහිත වෙනස්ම සංස්කෘතියක් හිමිය.

බෝරා මුස්ලිම්වරු උර්දු හෝ හින්දි බස මව් බස ලෙස භාවිතා වේ.සැලකිය යුතු පිරිසක් සිංහල හා ඉංග්‍රීසි බස කතා කරයි.උතුරු ඉන්දියානු වස්ත්‍ර හදිනු ලබන අතර කාන්තාවන් සල්වාර් හෝ සරාරා නම් වූ ඉන්දියානු සංස්කෘතික ඇදුම වේ.

මීට අමතරව මෙමොන් මුස්ලිම්වරුන් ද උර්දු හෝ හින්දි බස මව්බස වන අතර වර්තමානයේ බොහෝ දෙනෙකු ඉංග්‍රීසි හා සිංහල බස භාවිතා කරායි.බොරා ප්‍රජාව සේම මෙමොන් ප්‍රජාව ද ඉන්දියානු වස්ත්‍ර හා සංස්කෘතිය ලක්ශන අනුගමනය කරයි.





Comments

  1. ඉතාමත් වටිනවා.... තවත් මෙවැනි සත්‍ය තොරතුරු සහිත සටහන් පළ කරන මෙන් කාරුණිකව ඉල්ලමි.. මේ සටහන මුහුණු පොතේ බෙදා හැරීමට අවසර පතමි.

    ReplyDelete
  2. Malay people are very close with Sinhalese

    ReplyDelete
  3. Malay people are very close with Sinhalese

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව කුමක්ද ?

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මවුබස කුමක්දැයි යන්න පිළිබඳව අන් ආගමික ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව අතරත් විවිධ මතිමතාන්තර ඕනෑතරම් පළවී ඇත. නමුත් මේ දෙපාර්ශ්වයේම බහුතරය විශ්වාස කරන්නේ මුස්ලිම් ජනතාවගේ මවු බස දෙමළ බස යන්නයි. ඇතැම් මුස්ලිම් ජනයා එය අරාබි බස විය යුතුය කියා ද මත පළ කරති. මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා විශේෂ දේව මෙහෙය දෙමළ හා අරාබි බසින් පැවැත්වීම ඊට හොඳම උදාහරණයකි. මේ නිසාම ශ්‍රී ලංකාවේ බහුතර දෙමල මුස්ලිම් ජනතාව භාවිතා කරන්නේ දෙමළ බසය. එය අද ඊයෙක සිට නොව පරම්පරා ගණනාවක කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නකි. ශ්‍රී ලාංකික බහුතර දෙමල මුස්ලිම් ප්‍රජාව දෙමළ බස කතා කළත්, කොළඹ, මහනුවර,හම්බන්තොට හා ගාල්ල වැනි ප්‍රධාන නගරවල මුස්ලිම් ජනතාව ඉංග්‍රීසි බසත්, සිංහල බසත් ,මැලේ බසත්  තම ප්‍රධාන භාෂාව බවට පත්කරගෙන සිටිති. විශේෂයෙන් හම්බන්තොට ජීවත්වන මුස්ලිම් ජනයා ඉතා නිවැරැදිව සිංහල බස හසුරුවති. මෙරට ජීවත්වන මැලේ මුස්ලිම් ජාතිකයන්ගේ  ප්‍රධානතම භාෂා වන්නේ ද මැලේ, සිංහල හා ඉංග්‍රීසිය. එහෙත් දෙමළ බස මුස්ලිම්වරුන්ගේ භාෂාවකැයි ලේබල් ගසා ඇති නිසාම මුස්ලිම් ජාතිකයකුට තවත් මුස්ලිම් ජාතිකයකු ම

රාමසාන් උත්සවය යනු කුමක්ද ?

මාසයක්‌ පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ ඉතා වැදගත් ආගමික, ආචාර විද්‍යාත්මක, දාර්ශනික සහ ප්‍රායෝගික අගයක්‌ ඇත. මසක්‌ පුරා උපවාස ශීලය රැකීමෙන් එය රකින අයට කුසගින්න යනු කුමක්‌දැයි හරි හැටි ප්‍රත්‍යක්‍ෂ වෙයි. එවන් ශීලයක්‌ නොරැක තුන්වේල හොඳින් කා බී කුස පුරවන අයට සෙසු සමාජයේ නිරතුරු කුස ගින්නෙන් පෙළෙන ජනතාව ගැන කල්පනා නොවේ. අසරණ දිළිඳු හා රෝගී ජනයාට ධර්මයේ නියමිත පරිදි සකාත් ප්‍රතිපත්තිය අනුව ආහාරපාන ආදිය හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කළ යුතු බවට මෙම උපවාස ශීලයෙන් කෙරෙන සිහිගැන්වීම ඉතා වැදගත්ය. මුස්‌ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය එක්‌ එක්‌ අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස්‌ වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්‌ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයාගේ දර්ශනය පාදක කරගෙනයි. මෙදින මෙරට රාජ්‍ය හා බැංකු නිවාඩු දිනයකි. මෙම උත්සවයේ නිමිත්ත ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වූ අල් කුරානයේ නියම කොට ඇති පරිදි උපවාස ශීලය (Fasting) රැකීමයි. මෙම උපවාසය ශීලය අල්ලා නම් සර්වබලධාරී දෙවිඳු විසින් ජිබ්රිල් හෙවත් අලෙයි සලාම් නම් තම දූතයා මගින් මහමත්තුමාට කරන ලද එළිදරව්වෙහි ඇතුළත් වූවකි.