ශ්‍රී ලංකාවේ යෝනක අනන්‍යතාවය වූ කලී බහු මුහුණත් සහිත වන අතර, කාලයත් සමග සමාජ, දේශපාලනික හා ඓතිහාසික සන්දර්භය හා අන්තර් ක්‍රියා කරමින් (යළි) ගොඩනැංවී තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ජනවාර්ගික ආගමික ප්‍රජාවක් වන අතර, ඔවුන් සිය ජනවාර්ගික අනන්‍යතාවයට ඔබ්ඛෙන් ආගමික අනන්‍යතාවය ඉස්මතු කිරීම ද,යම් කාලවලදී අවශ්‍ය වූ නිශ්චිත භෞතික, සමාජ හා දේශපාලනික ප්‍රතිලාභ අනුව එහි විරුද්ධ අනන්‍යතාවය ද ප්‍රකාශ කිරීම ද තෝරා ගෙන ඇතැයි යන්න පර්යේෂකයින්ගෙ නිරීක්ෂණය යි. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන්ගේ විෂයීයත්වය බොහෝ "රාමුගත කිරීමේ ක්‍රියාවලීන්ට"බඳුන් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ යෝනකවරුන් සිය අනන්‍යතාවය අර්ථ නිරූපණය කොට එම කාලයේ සමාජ-ආර්ථීක සහ දේශපාලනික ස්වභාවයට ආරෝපණය කර තිබේ. දකුණු ඉන්දියාවේ වෙරළබඩ යෝනකවරුන් මෙන්, ශ්‍රී ලංකාවේ යෝනකවරුන් ද මැදපෙරදිග හා ගිනිකොණ දිග ආසියාව අතර ඉන්දීය සාගරය තරණය කළ, අරාබි සහ පර්සියානු මුහුදු යාත්‍රික වෙළෙන්දන්ගෙන් පැවත එන මිශ්‍ර ජාතියකි ( McGilvray 2011). ශ්‍රී ලංකාවේ ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය ආරබි හා මැලේ වෙළඳාමේ ප්‍රතිඵලයක් වන අතර, දීර්ඝ කාලීනව රැඳී සිටීමේ හේතුව
මැලේ,යෝනක,මුර්,මරක්කල සමාජය හා ඉස්ලාම් ධර්මය , ලාංකීය මුස්ලිම් සමාජය