Skip to main content

ශ්‍රී ලංකාවේ යෝනක-මරක්කල අනන්‍යතාවය- ඓතිහාසික දැක්ම

ශ්‍රී ලංකාවේ යෝනක අනන්‍යතාවය වූ කලී බහු මුහුණත් සහිත වන අතර, කාලයත්
සමග සමාජ, දේශපාලනික හා ඓතිහාසික සන්දර්භය හා අන්තර් ක්‍රියා කරමින් (යළි)
ගොඩනැංවී තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ජනවාර්ගික ආගමික ප්‍රජාවක් වන අතර,
ඔවුන් සිය ජනවාර්ගික අනන්‍යතාවයට ඔබ්ඛෙන් ආගමික අනන්‍යතාවය ඉස්මතු කිරීම ද,යම් කාලවලදී අවශ්‍ය වූ නිශ්චිත භෞතික, සමාජ හා දේශපාලනික ප්‍රතිලාභ අනුව එහි
විරුද්ධ අනන්‍යතාවය ද ප්‍රකාශ කිරීම ද තෝරා ගෙන ඇතැයි යන්න පර්යේෂකයින්ගෙ
නිරීක්ෂණය යි. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන්ගේ විෂයීයත්වය බොහෝ "රාමුගත
කිරීමේ ක්‍රියාවලීන්ට"බඳුන් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ යෝනකවරුන් සිය අනන්‍යතාවය
අර්ථ නිරූපණය කොට එම කාලයේ සමාජ-ආර්ථීක සහ දේශපාලනික ස්වභාවයට
ආරෝපණය කර තිබේ.

දකුණු ඉන්දියාවේ වෙරළබඩ යෝනකවරුන් මෙන්, ශ්‍රී ලංකාවේ යෝනකවරුන් ද මැදපෙරදිග හා ගිනිකොණ දිග ආසියාව අතර ඉන්දීය සාගරය තරණය කළ, අරාබි සහ පර්සියානු මුහුදු යාත්‍රික වෙළෙන්දන්ගෙන් පැවත එන මිශ්‍ර ජාතියකි ( McGilvray 2011).

ශ්‍රී ලංකාවේ ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය ආරබි හා මැලේ වෙළඳාමේ ප්‍රතිඵලයක් වන අතර, දීර්ඝ කාලීනව රැඳී සිටීමේ හේතුවෙන් යෝනක වෙළෙන්දෝ දේශීය පවුල්වලින් විවාහ සිදුකර ගෙන මෙම රටෙහි පදිංචි වීම නිසා ඇති වූවකි (ීShukri 1986).

එහෙයින් ශ්‍රී ලංකාවේ යෝනකවරුන් මේ රටෙහි පිටස්තරයින් නොවන්නේ, ඔවුන්ට අනෙකුත් ප්‍රජාවන් සමග ලේ ඥාති සබඳතා පවතින නිසා ය. 09 සහ 10 වන සියවස්වල ඔවුන් වෙනස් කොට දැක්වූ සහ ඔවුන්ගේ අනන්‍යතාවය හැඩගැස් වූ ලක‍ෂණ වූයේ අරාබි භාෂාව හා ඉස්ලාම් දහමයි. 13 වන ශතවර්ෂය තුළ යෝනකවරුන් වෙළඳාම විෂයෙහි වඩාත් බලපෑම් සහගත වෙමින් දිවයිනේ විවිධ වරායන් හරහා සිය වෙළඳාම පවත්වාගෙන ගිය අතර, එමගින් ඔවුන්ගේ වෙරළබඩ පදිංචිවීම් හැඩ ගැසුණි. පසුකාලීනව, සිංහල රජවරුන්ගේ විදේශ වෙළඳ උපදේශකයින් ලෙස යෝනකවරුන් ඉතා බලපෑම් සහගත භූමිකාවක් රඟ දැක්වූහ.

13 වන හා 15 වන සියවස්වල දී අරාබි ලෝකය, මැලේ වැනි අග්නිදිග ආසියානු වෙරළ
තීරයන්හි වෙළෙන්දන් සමග ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගත්තේය. ඉන්දියාව සමගවූ මෙම මුහුදු ගමන් ක්‍රියාකාරකම් යෝනක මුස්ලිම්වරුන්ගේ වෙළඳාම ඉහළ නැංවූවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ නව පදිංචිවීම් සඳහා ද මඟ පෑදීය. ඊට හේතු වූයේ ලෝකය සමග ව්‍යාපාරික මැදිහත්වීම් සඳහා ශ්‍රී ලංකාව සතු වූ උපායමාර්ගික ස්ථානය කෙරෙහි දකුණු ඉන්දීය යෝනකවරුන් කැමැත්තක් දැක්වීමයි. දකුණු ඉන්දීය වෙළෙන්දන්ගේ මෙම පදිංචි වීම් සහ ඒ සමග සිදු වූ ඉන්දියාව සමග වූ වෙළඳාමේ ව්‍යාප්තිය ද, දකුණු ඉන්දීය යෝනකවරුන් හා වෙළඳාම් කිරීම මත දැඩිව යැපුණු ශ්‍රී ලාංකික යෝනකයන්ගේ සංස්කෘතිය හා අනන්‍යතාවය කෙරෙහි බලපෑවේ ය (ීShukri1986).

මෙකී අන්තර් ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවේ යෝනකවරුන්ගේ අනන්‍යතාවය අරාබිවරුන්ගේ සිට ඉන්දු අරාබි දක්වා පරිවර්තනය කරමින්, ඊට නව දිශානතියක් එක් කළේය. යෝනකවරුන් අතර අරාබි දෙමළ ඉස්මතු වීම මගින්, ශ්‍රී ලංකාවේ යෝනකයන්ගේ භාෂාමය අනන්‍යතාවය තුළ ද මෙය පිළිබිඹු කෙරිණි (ීShukri1986).

යෝනකවරුන්ගේ අනන්‍යතාවයෙහි තවත් පරිවර්තනයක් පෘතුගීසි හා ලන්දේසි යටත් විජිත සමය තුළ සිදු විය. එහිදී වෙරළබඩ කලාපයන්හි සිට රටේ නැගෙනහිර දක්වා සංක්‍රමණය වීමට බල කිරීම හේතුවෙන් ඔවුන් බොහෝ වෙනස් කොට සැළකීම්වලට ද, ව්‍යාපාරික ඒකාධිකාරය අහිමි වීමට ද ඔවුහු මුහුණ දුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙස,යෝනකවරුන්ට අරාබිය සමග තිබූ සබඳතා මුළුමනින්ම අහිමි වූ අතර, සංස්කෘතික හා ආගමික සම්බන්ධතා සඳහා දකුණු ඉන්දියාව මත යැපීමට සිදු විය. මෙය නව ආකාරයක ආගමක් හා භාෂාවක් ඉදිරියට ගෙන ආ අතර, ශ්‍රී ලංකාව තුළ ඉන්දීය සුෆි දෘෂ්ටිවාදය/ සුෆිවාදය ප්‍රචලිත වීමට දැඩිව දායක විය (Samaraweera 1986( Shukri 1986)


අනෙක් අතට, බි්‍රතාන්‍ය පාලනය යෝනකවරුන්ට පක‍ෂපාතී වූ අතර, යෝනක වෙළඳ
ක්‍රියාකාරකම් බි්‍රතාන්‍ය යටත් විජිත වෙළඳාමට ද සහය වූ බැවින්, ඔවුන්ගේ වෙළඳ කටයුතුවල හා ආගමික ක්‍රියාකාරකම්වල යෙදීමට නිදහස ලබා දෙන ලදී. මෙලෙස ව්‍යාපාරික ෙක‍ෂ්ත්‍රය තුළ සිංහලයින්ට වඩා යෝනකවරුන්ට ප්‍රතිලාභ හිමි වූ අතර, බි්‍රතාන්‍යයන්ගේ ඛෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ද මෙයට හේතු විය.

මෙය 1915 යෝනක (මරක්කල)විරෝධි කෝලාහලවලට මඟ පෑදු අතර, සිංහල බෞද්ධ ජාතිකවාදයට විරෝධය පෑ බි්‍රතාන්‍යයින් විසින් වින්දිතයින් වූ යෝනකවරුන්ගේ පැත්ත ගෙන, වැරදිකරුවන් මෙන්ම අහිංසක සිවිල් වැසියන් ද කෘෘර ලෙස ඝාතනය කරමින් කෝලාහල පාලනය කරන ලදී (Samaraweera 1986).

බි්‍රතාන්‍ය පාලන සමය වන විට ශ්‍රී ලංකාවේ යෝනකවරුන්ගේ පදිංචිවීමේ විලාසය හොඳින්ත හවුරුව පැවතුණි (Samaraweera 1986).

කෙසේවුවත්, යෝනක ප්‍රජාවට බෞද්ධයින් හෝ හින්දූන් මෙන් ආගමික හෝ දේශපාලන නායකයකු නොවීය. මෙය ශ්‍රී ලංකාවේ යෝනකවරුන් අතර පුනරුදවාදී ව්‍යාපාරයක් ඇති වීමට හේතු විය. නායකයකු නොමැති වීම තුළ, යෝනකවරුන්ගේ නායකයා ලෙස, අරාබිවරයකු වීම හේතුවෙන්ම පෞරුෂගුණාංග සහිත ඊජිප්තුවේ අරාබි පාෂා, මෙම අඩුව පුරවමින් පත්කර ගනු ලැබීය. දිවයිනෙහි ඔහුගේ කාලය තුළ (1883-1901) මුස්ලිම්වරුන් අතර ඔහු මුල්තැන ගත් ක්‍රියාකාරිකයෙක් විය.(Samaraweera1986).

මෙම කාලය තුළ, යෝනකවරුන් අනෙකුත් මැලේ /බෝරා /මෙමොන් ප්‍රජාවන්හි සාමාජිකයින් මෙන් අධ්‍යාපනය නොහැදෑරු හෙයින්, පුනරුදවාදී ව්‍යාපාරයේ මූලික අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවේ යෝනකවරුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ය. ක්‍රිස්තියානි මිෂනාරි අධ්‍යාපන ක්‍රමය ඉස්ලාම් ආගමට "පිටස්තර"  යයි වූ සැක සහිත ආගමික විශ්වාසය හේතුවෙන්, අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම්වලට ප්‍රතිවිරුද්ධ ලෙස මේ වන තෙක්ම යෝනකවරුන් අධ්‍යාපනයට ආකර්ශණීය නොවූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් අධීක‍ෂකවරයා වූ සිද්ධි ලෙබ්බේ, අරාබි පාෂාගේ පුනරුද ව්‍යාපාරයට සම්බන්ධ විය. මෙකී මුස්ලිම් අධ්‍යාපන ව්‍යාපාරය අරාබි පාසල්වල (මද්රසා) ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ මුස්ලිම් කාන්තා පාසල් ස්ථාපනය කිරීම ආරම්භ කළේය. අධ්‍යාපනය හැරුණු කොට, මෙම ව්‍යාපාරය විසින් සිලෝන් මොහොමදියන් (ඉංග්‍රීසි) හා මුස්ලිම් නයිසන් (දෙමළ) වැනි යෝනකවරුන් සඳහා වන පුවත්පත් ද ආරම්භ කරන ලදී.


අධ්‍යාපනය හා ජනමාධ්‍යවේදය විසින් යෝනකවරුන් අතර දේශපාලනය සහ අනන්‍යතාවය පිළිබඳ ව දැනුම ඉහළ නැංවීය. සිද්ධි ලෙබ්බේ සහ ඔහුගෙ සහකරු අයි. එල්. එම්. අබ්දුල් අසීස් විසින් ජමයිතුල් ඉස්ලමියා නම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉස්ලාමීය සංවිධානය බිහි කළ විට මෙය සාක‍ෂාත් විය. මෙම සංවිධානයේ මූලික අරමුණ වූයේ. වෙනස් යෝනක දේශපාලන හා සමාජ අනන්‍යතාවයක් පවත්වාගෙන යාම පිළිබඳ ව මුස්ලිම්වරුන් අතර ඉස්ලාමීය දැනුම ප්‍රචාරය කිරීමයි (Nuhuman 2007 හි උපුටන ලද Ameen).

කෙසේවුවත්,යෝනකවරුන් ඇත්තෙන්ම දකුණු ඉන්දීය සම්භවයක් සහිත ඉස්ලාම්(මුස්ලිම්) දහම වැළඳගත් ද්‍රවිඩයන්ය යන, පොන්නම්බලම් රාමනාදන්ගේ ප්‍රකාශයෙන් පසුව ය (Mohan1987¦ /(Samaraweera1987). අයි. එල්. එම්. අබ්දුල් අසීස්, පොන්නම්බලම්ගේ ප්‍රකාශය විවේචනය කරමින්, යෝනක අනන්‍යතාවයේ ඉස්ලාම් දහමට හා ආරාබි ලෝකයට ඇති සම්බන්ධය විස්තර කළේය. යෝනක/මරක්කලවරුන් භාෂාවක් ලෙස දෙමළ කතා කරමින්, සමහර දෙමළ සංස්කෘතික පරිචයන් අත්කර ගත් නමුත්, ආගම යන පදනමින් ඔවුන් වෙනස වන බව ඔහු අවධාරණය කළේය.

 මෙකී ආගමික සීමාවන් හඳුනා ගැනීම තම සුවිශේෂී අනන්‍යතාවයආරක‍ෂා කිරීමට ආගම ඔසවා තබන සුළුතර ප්‍රජාවන්ට ආවේණික ලක‍ෂණයකි (Mohan1987, පි.5). මෙය ඒ කාලයේ යෝනකවරුන් අතර පැවති මහාද්වීපික අරාබිවාදය පිළිබඳ
ගෝලීය කතාබහ මගින් ආභාෂය ලද අතර, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව අනෙක්
කොටස්වලද ඉස්මතු වූවකි. මෙලෙස, ඉස්ලාමයෙන් තොර මුස්ලිම්වරුන් නැතැයි
යනුවෙන්, ශ්‍රී ලාංකික යෝනකවරුන්ගේ පැවැත්මෙහි දේශීය මෙන්ම ගෝලීය ආස්ථානය
සඳහා, ඉස්ලාම් දහම මූලික පදනම බවට පත් වී තිබේ (Nuhuman2004).

දෙමළ ද්‍රවිඩ අනන්‍යතාවය මගින් නියෝජනය කරන ලද දකුණු ඉන්දියාවේ මූලික බලපෑමට ලක් වී,ශ්‍රී ලාංකික යෝනකවරුන්ට ඉස්ලාම් දහම සමග පැවති සම්බන්ධතාවයෙහි වෙනසක් ද මහාද්වීපික අරාබිවාදය විසින් සලකුණු කරනු ලැබීය. එහිදී ශ්‍රී ලාංකික යෝනකවරු , ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය පරිචයන් යළි හැඩගස්වා ගැනීම සඳහා මැද පෙරදිග ආදර්ශයට ගත්හ. අද පවා දක්නට ලැඛෙන සුෆි-වහාබි ගැටුමේ ආරම්භය ලෙස ද මෙය සැලකිය හැකිය.

මැලේවරුන්, ඉස්ලාම් ධාරාව ඔස්සේ ස්වකීය අනන්‍යතාවය නවීකරණය කිරීම හා පවිත්‍ර කර ගැනීම, ඔවුන්ගේ අනන්‍යතාවය ආයතනගත කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි මඟපෑදීය. එහිදී, ඔවුන් මුස්ලිම් පෞද්ගලික නීතිය ආයතනගත කරමින්, මුස්ලිම් විවාහ සහ දික්කසාද පිළිබඳව ගැටළු විසඳීම සඳහා කාති උසාවි පිහිටුවා ගන්නා ලදී. එමෙන්ම,
පල්ලි සහ පුණ්‍යායතන පරිපාලනය කිරීම සඳහා රජයේ ආයතනයක් ද පිහිටුවන ලදී.
තවදුරටත්, දෙවන සුළුතර කොටස ලෙස සිය ආගමික අනන්‍යතාවය පවත්වාගෙන යාමේ වැදගත්කම ද යෝනකවරු අවබෝධ කර ගත්හ. මෙලෙස, රාමසාන් නිවාඩුව ඇතුළත් වෙනස් කැලැන්ඩරයක් සහිත, පාසල් හා ගුරු පුහුණු විද්‍යාල වැනි මුස්ලිම්ආගමිකයන්  සඳහා වන වෙනම අධ්‍යාපන ආයතන ස්ථාපනය කරන ලදී (Nuhuman2004).

මීට අමතරව, හුදු දෙමළ දේශපාලන පක්ෂ තුළ නියෝජනය ලබා ගැනීමට පටහැනි ලෙස
මුස්ලිම්වරුන්ට ද වෙනම දේශපාලන නියෝජනයක් ලබා ගැනීම අවශ්‍ය වූයේය. මේ නිසාමුස්ලිම් දේශපාලනඥයින්,මුස්ලිම් දේශපාලනය දෙමළ දේශපාලනයෙන් වෙන් කොට දැක්වීමට උත්සාහ කළ අතර, සිංහල දේශපාලන පක‍ෂ සමග එක්ව වැඩ කළහ.

1956 සිංහල පමණක් වූ භාෂා ප්‍රතිපත්ති වැනි දෙමළ විරෝධී කෙටුම්පත්වලට සහාය දැක්වීමට තරම් දුරකට ඔවුහු දෙමළ දේශපාලනය ප්‍රතිෙක‍ෂ්ප කළහ.මුස්ලිම්වරුන් සිංහලයින්ට පක‍ෂපාතී වීමට දායක වූ තවත් සාධකයක් වූයේ,යෝනක සහ මැලේවරුන්ගෙන් තුනෙන් දෙකක් සිංහලයින් බහුලව වෙසෙන ප්‍රදේශවල ජීවත් වීමයි (McGilvray 2011).

එහෙයින්, ඓතිහාසික දේශපාලනය තුළ සිය අවශ්‍යතාවයන් හා අනන්‍යතාවය ආරක‍ෂා කිරිම සඳහා මුස්ලිම්දේශපාලනය හැම විටම දෙමළ වැසියන්ට වඩා සිංහල බහුතරය වෙත සමීප විය. භාෂාමය වශයෙන් ද, සමහර යෝනක/මැලේ ජනවර්ග දෙකට අයත් මුස්ලිම් තරුණ තරුණියන්ගේ මෙන්ම මුස්ලිම් අරාබි විදුහල්වල ද ඉගැන්වීමේ මාධ්‍යය ලෙස සිංහල තෝරා ගනු ලැබීය (McGilvray2011).

අවසාන වශයෙන්, ඓතිහාසිකව මහා තලයේ දී, විවිධ කාලවල දී මුස්ලිම්වරුන් සිය
දේශපාලන, ජනවාර්ගික, සංස්කෘතික හා භාෂාමය අනන්‍යතාවයන් වෙන්ව රාමුගත
කරගෙන ඇති අතර, ආගමික අනන්‍යතාවය පිළිබඳ ඔවුන්ගේ අවධාරණය ප්‍රධාන
වශයෙන්ම ඒකාකාරී විය. කෙසේවුවත්, ක‍ෂුද්‍ර තලයේ දී, කාලයත් සමගයෝනකවරුන්ගේ සංස්කෘතිකව හෝ භාෂාමය වශයෙන් එක හා සමාන වී නැත.

1900 මුල් ගණන්වලදී, —මුස්ලිම් ප්‍රජාව පංතිය, ජීවන විලාසය හා කලාපිය/දේශීය (සමහර විට ජනවාර්ගික වශයෙන් ද) වෙනස්කම් අනුව බිඳී ගොස් තිබුණි˜ (ීShukri1986, පි. 367).

තවදුරටත්, ඔවුන්ගේ පොදු සාධකය ආගම වුවත්, සිය අසල්වැසි ප්‍රජාවන්ගේ පරිචයන්හි ගැබ් වී ඇති අන්දමට, ආගම එකමුතු කිරීමේ මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කොට නැතැයි ීShukri(1986)  සඳහන් කරයි. වෙළඳාමෙහි නිරත වූ සුළුතර ප්‍රජාවක් ලෙස, ඔවුන් කෙරෙහි අදාළ වන්නට ඇත්තේ තමා සමග ජීවත් වූ ප්‍රජාව විසින් (සමාජීයව, ආර්ථීකව හා දේශපාලනිකව) තමාව පිළිගනු ලැබීම යයි තර්ක කළ හැකිය. මෙලෙස ඓතිහාසික කෝණයකින් ගෙන හැර බලන විට, මුස්ලිම්වරුන් මූලිකවම කලාපීය/ භෞමික වෙනස්කම් අනුව සහ කුමන බහුතර ප්‍රජාවක් සමග (සිංහල/දෙමළ) ජීවත් වන්නේ ද යන්න මත පදනම් ව ඛෙදී ගියේය.

තවමත් තත්ත්වය එසේම වන අතර, පශ්චාත් නිදහස තුළ මුස්ලිම්වරුන් ආගම යන පදනම මත එක්ජනවාර්ගික අනන්‍යතාවයක් ප්‍රකාශ කිරීමට පටන් ගත්හ. එහිදි ඔවුහු යෝනක (මුවර්/මරක්කල ) සහ මැලේ වශයෙන් නොව පොදුවේ මුස්ලිම් ලෙස එක්සත් වෙමින් ගෝලීය උම්මා :Ummah-යටතේ ඉස්ලාම් දහමට සම්බන්ධ වූහ.


එහෙයින් මහා තලයේ දී මුස්ලිම් ආගමික අනන්‍යතාවය මුල් කාලීන පදිංචි වීමේ
කාලයන් අතරතුර දී මුලින්ම අයත් වීම (විවේචනාත්මක පර්යාවලෝකනයකින් තොරව
උරුම වීම), තෝරා ගැනීම (අන්තරාවලෝකනයෙහි ප්‍රතිඵලයක් ලෙස) ඔස්සේ සිදු වූ
අතර මුස්ලිම් ජනවාර්ගික-ආගමික අවශ්‍යතාවයේ ඛෙදිය නොහැකි බව ප්‍රශ්න කිරීමට ලක් වුණු මෑත කාලීන මොහොතවලදී අන්තරාවලෝකනය හා"නිවැරදි" භාවිතාවන් පිළිබඳ හැදෑරීමට සම්බන්ධ වූවා පමණක් නොව, පුද්ගලයකුගේ ආගමික අනන්‍යතාවය ශක්තිමත්හා තහවුරු කරන බව ද ප්‍රකාශයට පත් විය (Peek 2005).

යමකුගේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රකාශනයක විවිධ බාහිර (අභ්‍යන්තර ඒවාට අමතරව) දර්ශකයක් ඇත. තවදුරටත්, යමකුගේ  ආගම පිළිබඳ ගැඹුරු අන්තරාවලෝකනය සහ හැදෑරීම, ඉස්ලාම් දහමෙහි "නිවැරදි"අර්ථනිරූපණය හා "සුදුසු" භාවිතාව පිළිබඳ විවිධ ප්‍රශ්න නැඟීම්වලට මඟ පාදයි. මෙකී දර්ශක, නිකාබ් සහ නව/එකඟ නොවන කණ්ඩායම්වල ඉස්මතු වීම වැනි විවිධ දෘශ්‍ය හෝ සංකේතීය අනන්‍යතා සලකුණු හරහා ඉස්ලාම් දහමෙහි නිශ්චිත අර්ථනිරූපණ ප්‍රචලිත කරමින් සිටී.

සාරාංශය :
මුස්ලිම් හෙවත් ඉස්ලාම් ආගමික ප්‍රජාව යටතට යෝනක (මරක්කල ) හා මැලේ ලෙස ප්‍රධාන ජාතින් දෙකකින් සමත්විත වේ .


Comments

Popular posts from this blog

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව කුමක්ද ?

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මවුබස කුමක්දැයි යන්න පිළිබඳව අන් ආගමික ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව අතරත් විවිධ මතිමතාන්තර ඕනෑතරම් පළවී ඇත. නමුත් මේ දෙපාර්ශ්වයේම බහුතරය විශ්වාස කරන්නේ මුස්ලිම් ජනතාවගේ මවු බස දෙමළ බස යන්නයි. ඇතැම් මුස්ලිම් ජනයා එය අරාබි බස විය යුතුය කියා ද මත පළ කරති. මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා විශේෂ දේව මෙහෙය දෙමළ හා අරාබි බසින් පැවැත්වීම ඊට හොඳම උදාහරණයකි. මේ නිසාම ශ්‍රී ලංකාවේ බහුතර දෙමල මුස්ලිම් ජනතාව භාවිතා කරන්නේ දෙමළ බසය. එය අද ඊයෙක සිට නොව පරම්පරා ගණනාවක කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නකි. ශ්‍රී ලාංකික බහුතර දෙමල මුස්ලිම් ප්‍රජාව දෙමළ බස කතා කළත්, කොළඹ, මහනුවර,හම්බන්තොට හා ගාල්ල වැනි ප්‍රධාන නගරවල මුස්ලිම් ජනතාව ඉංග්‍රීසි බසත්, සිංහල බසත් ,මැලේ බසත්  තම ප්‍රධාන භාෂාව බවට පත්කරගෙන සිටිති. විශේෂයෙන් හම්බන්තොට ජීවත්වන මුස්ලිම් ජනයා ඉතා නිවැරැදිව සිංහල බස හසුරුවති. මෙරට ජීවත්වන මැලේ මුස්ලිම් ජාතිකයන්ගේ  ප්‍රධානතම භාෂා වන්නේ ද මැලේ, සිංහල හා ඉංග්‍රීසිය. එහෙත් දෙමළ බස මුස්ලිම්වරුන්ගේ භාෂාවකැයි ලේබල් ගසා ඇති නිසාම මුස්ලිම් ජාතිකයකුට තවත් මුස්ලිම් ජාතිකයකු ම

මුස්ලිම් ජාතිකයන් යනු කවුද?

ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස මාද්‍ය තුලින් අප අසා ඇත. මුස්ලිම්  ජාතිකයන් ලෙස ජාතියක් හෝ ජනවර්ගයක් නොමැත .සිංහල ප්‍රජාව බොහෝ විට මුස්ලිම් ජාතිකයන් ලෙස හදුන්වන්නේ අනවබෝධය නිසාය. ඉස්ලාම් ආගම අදහන ප්‍රජාව හදුන්වන පොදු නාමය මුස්ලිම් කියාය. මුස්ලිම් ප්‍රජාව තුල විවිධ ජාතින්ගෙන් සැදුම්ලත් ආගමික ප්‍රජාවකි. උදාහරණයක් ලෙස සිංහල ජාතික බෞද්ධයන් සේම සිංහල ජාතික කතෝලික , සිංහල ජාතික මුස්ලිම්වරු සිටිති. ජාතිය හා ආගම සදහන් කිරිමේදී බොහෝ දෙනෙකු පටලවා ගන්නා තැනකි ආගම සහ ජනවර්ගය. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස පවසනවා මාද්‍ය තුලින් දැක ඇත්තෙමු. එය බුදුදහම අදහන බෞද්ධයන් ලෙස කිවා සමානය. බුදුදහම අදහන්නන් බෞද්ධයන් මිස බුදුදහම අදහන කතෝලිකයකු හෝ බුදුදහම අදහන මුස්ලිම්වරු ලෙස පැවසිය නොහැක. එය එක් ආගමික ප්‍රජාවක් නිසාය. එබැවින් නොදැනුවත්කම නිසාම මුස්ලිම් ජාතික බෞද්ධයන් ලෙසත් ප්‍රකාශ වන අවස්ථා නැතුවා නොවේ. සැබැවින්ම ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුල මුස්ලිම් ආගම අදහන විවිධ ජාතින් සිටිති. සිංහල මුස්ලිම්වරු මැලේ මුස්ලිම්වරු මුවර් හෙවත් යෝනක මුස්ලිම්වරු මරක්කල මුස්ලිම්වරු දෙමල මුස්ලිම්වරු බ

රාමසාන් උත්සවය යනු කුමක්ද ?

මාසයක්‌ පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ ඉතා වැදගත් ආගමික, ආචාර විද්‍යාත්මක, දාර්ශනික සහ ප්‍රායෝගික අගයක්‌ ඇත. මසක්‌ පුරා උපවාස ශීලය රැකීමෙන් එය රකින අයට කුසගින්න යනු කුමක්‌දැයි හරි හැටි ප්‍රත්‍යක්‍ෂ වෙයි. එවන් ශීලයක්‌ නොරැක තුන්වේල හොඳින් කා බී කුස පුරවන අයට සෙසු සමාජයේ නිරතුරු කුස ගින්නෙන් පෙළෙන ජනතාව ගැන කල්පනා නොවේ. අසරණ දිළිඳු හා රෝගී ජනයාට ධර්මයේ නියමිත පරිදි සකාත් ප්‍රතිපත්තිය අනුව ආහාරපාන ආදිය හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කළ යුතු බවට මෙම උපවාස ශීලයෙන් කෙරෙන සිහිගැන්වීම ඉතා වැදගත්ය. මුස්‌ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය එක්‌ එක්‌ අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස්‌ වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්‌ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයාගේ දර්ශනය පාදක කරගෙනයි. මෙදින මෙරට රාජ්‍ය හා බැංකු නිවාඩු දිනයකි. මෙම උත්සවයේ නිමිත්ත ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වූ අල් කුරානයේ නියම කොට ඇති පරිදි උපවාස ශීලය (Fasting) රැකීමයි. මෙම උපවාසය ශීලය අල්ලා නම් සර්වබලධාරී දෙවිඳු විසින් ජිබ්රිල් හෙවත් අලෙයි සලාම් නම් තම දූතයා මගින් මහමත්තුමාට කරන ලද එළිදරව්වෙහි ඇතුළත් වූවකි.