Skip to main content

සිංහල-යෝනක (මරක්කල) ගැටුම

ආගම වූ කලී දේවධාර්මික අර්ථනිරූපණය, ආගමික භාවිතාව හා පරිපාලනය මත පදනම්ව,එකඟ නොවීම හා විවිධත්වය අනුව හැඩ ගැසුණු සමාජ-දේශපාලනික ගොඩනැංවීමකි.

මෙකී වෙනස්කම් වලට සමහර විට සාමකාමී සහජීවනයෙන් යුතුව පැවතිය හැකි නමුත්,බොහෝ විට ගැටුම්වලට මඟ පාදන, ආගමික අභ්‍යන්තර ගැටළුවලට හේතු වේ. කලාප,ජාතීන් හා ප්‍රජාවන් අනුව වෙනස් වන්නා වූ අර්ථනිරූපණ, භාවිතාවන් සහ පරිපාලනය සහිත බහුත්වයකින් සැකසුණු ඉස්ලාම් දහම ද ඉන් නොවෙනස් ය. ශ්‍රී ලංකාවේ සුළුතරයෝනක ප්‍රජාව, ඇත්තෙන්ම ඉස්ලාම් දහමෙහි වෙනස් අර්ථනිරූපණ, වටිනාකම් හා භාවිතාවන් වැළඳ ගන්නා විවිධ නිකායන්ට බිඳී ඇති නමුත් , (බහුතර ප්‍රජාවන් විසින්) ආගමිකව සමාන කණ්ඩායමක් ලෙස බහුලව සැලකේ. 

එහෙත්.යෝනක ප්‍රජාවෙහි මෙම බහුත්වය හා එහි අභ්‍යන්තර දේශපාලනය පිළිබඳ ව ඇති නොදැනීම, එම ප්‍රජාවට එරෙහිවපුද්ගලයින් විසින් දරන අගතිගාමී අදහස්වලට ඛෙහෙවින් දායක විය හැකිය.

මෑතකාලයේ දී, ශ්‍රී ලංකාවේ සමහර යෝනක කණ්ඩායම් අතර ගැටුම් ඇති වීමට, වෙනස්කම්හේතු වී ඇති අතර, එය මහජන ගැටුම් හා සමහර විට මරණයන්ට පවා මඟපාදා තිබේ.

තවදුරටත් ජුබ්බා, හිජාබ්, නිකාබ්, රැවුල් සහ ඉහළ යන පල්ලි සංඛ්‍යාව විසින් පෙන්වනු
ලබන යෝනක කණ්ඩායම් අතර වෙනස්කම් "රඟ දැක්වීම" මගින් යෝනක ජනගහණයේ
ඉහළ යාම පිළිබඳ මායාවක් නිර්මාණය කොට ඇති අතර, එය යෝනක ප්‍රජාවේ අරමුණු හා එහි යටපත් කරන සුළු සංස්කෘතිය කෙරෙහි බහුතරයේ බිය හා සැකය එක් කොට ඇත.

මෙකී තනි පුද්ගල අගතිගාමී අදහස්, අනෙක් අතට බොදු බල සේනා වැනි අන්තගාමී
ජාතිකවාදී කණ්ඩායම් විසින් යෝනක ප්‍රජාවට එරෙහිව වෛරය හා ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම සඳහා යොදා ගනු ලැබ තිබේ.

ඓතිහාසිකව, සිංහල හා දෙමළ යන ප්‍රජාවන් දෙකෙන්ම යෝනකවරුන් ප්‍රචණ්ඩත්වයට
මුහුණ දී තිබේ. යෝනක /මරක්කල විරෝධී ප්‍රචණ්ඩත්වයන් 1900 ගණන් දක්වා දුර දිවෙන අතර, යෝනකවරුන්ගේ ව්‍යාපාරික ශක්තිය කෙරෙහි වූ බෞද්ධ වර්ග - ජාතිවාදී බිය විසින් අවුළුවන ලදුව,

1915 දී මුල්ම කළකෝලාහලය වාර්තා වෙයි  (I nternational Crisis Group 2007¦ Nuhuman 2002)

 1976 දී රැකියා සහ ඉඩම් පිළිබඳ ව සිංහලයින් හා යෝනකවරුන් අතර ඇති වූ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස පුත්තලමේ යෝනකවරුන් කිහිපදෙනෙකු වෙත වෙඩි තබන ලදී. 

1990 දී එල්ටීටීඊ ය විසින් උතුරෙන් හා ඊසාන දිගින්යෝනකවරුන් කුරීරු ලෙස පලවා හරින ලදී. 

1999 දී, නොච්චියාගම යෝනක කඩවලට ප්‍රහාරයක් එල්ල වූ අතර (තවත් කුඩා සිදුවීම් සමග), 

2001 දී මාවනැල්ලෙහි යෝනකවරුන්ට සිංහල කෝලාහලකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස යෝනක වැසියන් දෙදෙනෙකු මිය ගොස්, වාහන සහ දේපළවලට අලාභ හානි සිදු විය. 

2006 දී, අලූත්ගම යෝනක කඩ පුළුස්සා දමනු ලැබීය. වසර 100කට පෙර සිදු වූ 1915 කෝලාහලය කුරිරු ලෙස යළි පණ ගන්වමින්,

2014 දී නැවත වරක් අලූත්ගම යෝනකවරුන් බෞද්ධ අන්තවාදීන්ගේ ඉලක්කයට හසු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මරණ හා දේපළ හානි සිදු විය.


මෙකී කාල පරාසයන් අතරතුර, තැනින් තැන බොහෝ සුළු පරිමාණ ගැටුම් පැවති අතර, එම තොරතුරු තනිව ලේඛනගත කිරීම හා ඊට ප්‍රවේශය ඇති කිරීම අවශ්‍ය වේ.
යෝනකවරුන්ට එරෙහි බොහෝ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිටුපස අනිවාර්යය දේශපාලන
සහයෝගය සහ අන්තවාදී බෞද්ධ ජාතිවාදීන්ගේ "වර්ග-ජාතිවාදී එදිරිවාදිකම්" 
(2011) පැවතිය ද, සිංහල හා දෙමළ ප්‍රජාවන්ගේ බහුතරය යෝනක ප්‍රජාවට එරෙහි අගතිගාමී හා වැරදි මතයන් පිළිගන්නා අතර, මෙය යෝනකවරුන් පිළිබඳ වෛරී ප්‍රකාශ, වැරදි චෝදනා හා "මිථ්‍යාවන්" පහසුවෙන් පැතිර යාමටත් "සත්‍ය" ලෙස පිළිගනු ලැබීමටත් දායකවෙයි. 

ඇත්තෙන්ම, 1915 කෝලාහලය පවා යෝනක/මරක්කල ජාතිකයන් පිළිබඳ ව ඇති කොට, ඔප දමා,රට පුරා ප්‍රචාරය කරන ලද හා මිනිසුන් පහසුවෙන් විශ්වාස කළ මිථ්‍යාවන් සහ කටකතාහේතු කොට ගෙන ඇති වූවකි (1984).

අද වන විට, සමාජය තුළ පවතින බොහොමයක් අගතිගාමි අදහස් පැන නඟින්නේ, ඉහතින් සඳහන් කළ ආගමික අනන්‍යතා සලකුණු යෝනක(මරක්කල) ප්‍රජාව විසින් වැඩි වශයෙන් භාවිත කිරීම හේතුවෙනි. මීට සම්බන්ධව ම, ඉහළ යන මුස්ලිම් පල්ලි සංඛ්‍යාව හා සහභාගීත්වය විසින් යෝනකවරු සිය සංඛ්‍යාව වැඩි කර ගැනීම මගින් සිංහල බෞද්ධ බහුතරය ඉක්මවා යාමට කුමන්ත්‍රණය කරනු ඇතැයි බි යක් ඇති කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ මෙම ඉහළ යාම යෝනක වැසියන්ගේ සංඛ්‍යාන පිළිබඳ මායාව ඉස්ලාම් භීතිකාව - පිළිබඳ ගෝලීය ආස්ථානයට සම්බන්ධ වන අතරම, එය ශ්‍රී ලංකාවේ යෝනකවරුන් අතර ඉස්ලාම් භාවිතාව සම්බන්ධව "තියුණු අභ්‍යන්තර ගැටුම්" ලෙස  (2011) නිරීක‍ෂණය කරන්නෙහි ප්‍රතිඵලයක් ද විය හැකිය. 

මූලිකවම ආරාබි ඇඳුම, නව පල්ලි ගොඩනැංවීම හා අභ්‍යන්තර දේවධාර්මික ගැටුම් මත ප්‍රසිද්ධියේ ගැටීම යන ස්වරූපවලින්, යෝනක කණ්ඩායම් අතර සංකේතීය "ඉස්ලාම්කරණය" හෝ "ස්වයං-බැහැර කිරීම" මගින් "දෘශ්‍යමාන" කරවනු
ලබන්නේ මෙමගින් වන අතර (, 2011), ඔවුන්ගේ "නව" "පෙනී සිටීම" බියකින්
හා සැකයකින් යුතුව දකිනු ලැබේ.

මෙම වැරදි අදහස්වලින් බොහොමයක් යෝනක ප්‍රජාවන්ගේ ඛෙහෙවින් පෞද්ගලික
ස්වභාවය හේතුවෙන් ද, අනෙක් ඒවා ඔවුන්ගේ ජීවන විලාසයන් ප්‍රකාශ කරන පරිචයන්
හා විශ්වාසයන් පිළිබඳ ව ඇති නොදැනීම නිසා ද හට ගන්නේය යන අදහස මෙම
අධ්‍යයනය මගින් පිළිගනී. එබැවින්, මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ (ඉහතින්
සඳහන් කළ) "දෘශ්‍යමාන බව" විග්‍රහ කිරීම සහ යෝනක ප්‍රජාව තුළ ඇත්ත වශයෙන්ම සිදු  වන්නේ කුමක් ද යන්න ගවේෂණය කිරීමත් ය. ඉස්ලාම් භාවිතාව සම්බන්ධ ගැටුම් විසින් හැඩගස්වනු ලැබූ (දිගු කාලීන) ඉස්ලාමීය ප්‍රබෝධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අතර  "නව" පෙනී සිටීම හා කණ්ඩායම්වාදය ඇති වන්නේ ය යන්න උපකල්පනයයි.

ශ්‍රී ලංකාවේ යෝනක කණ්ඩායම්වල අභ්‍යන්තර ආගමික දිශානතින් පිළිබඳව අධ්‍යයනයන් කිහිපයක් පවත්වනු ලැබ ඇති අතර, ඒ සියල්ලම පාහේ යෝනක සුළුතරය ස්ථානගත කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ වසර 30ක ජනවාර්ගික ගැටුම් සන්දර්භය තුළ හා ඔවුන්ගේ දෙමළ හා සිංහල බහුතරයන්ට සාපේක‍ෂව ය (ී 2015). 

ශ්‍රී ලංකාවේ යෝනක අනන්‍යතාවය, මූලිකවම ඓතිහාසික සහ මානව විද්‍යාත්මක දෘෂ්ටියකින් යුතු බොහෝ අධ්‍යයනයන්ට ද පාදක වී තිබේ.  විශේෂයෙන්ම නැගෙනහිර තනි යෝනක/මරක්කල ප්‍රජාවන් හා ඔවුන්ගේ සමීපතම අනෙකා-දෙමළ ජනයා සමග ඔවුන්ට ඇති සම්බන්ධය මෙන්ම, ජනවාර්ගික ගැටුම යෝනක අනන්‍යතාවය කෙරෙහි බලපා ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ක‍ෂුද්‍ර විශ්ලේෂණයන්ට මැදිහත් වී සිටිති. 

කොළඹ ප්‍රතිසංස්කරණවාදී මුස්ලිම් කාන්තා කණ්ඩායම්වල පරිචයන් ්‍(2013) විසින් අධ්‍යයනය කොට ඇත. ශ්‍රී ලංකාවේ යෝනකවරුන්ගේ ඉතිහාසය හා අනන්‍යතාවය පිළිබඳ ව සාරවත් හා සියුම් අවබෝධයක් මෙම සාහිත්‍ය කොටස මගින් සපයනු ලබන අතර, නැගෙනහිර මානව විද්‍යාත්මක අධ්‍යයනයන් හැරුණු විට) යෝනක ප්‍රජාව තුළ සම්බන්ධතා පිළිබඳව ලියැවී ඇත්තේ සුළු ප්‍රමාණයකි.

යෝනක/මරක්කල අනන්‍යතාවය සහ දෙමළ හා සිංහල බහුතතරයේ අනන්‍යතාවන් අතර අන්තර්යැ පීමේ ස්වභාවය පිළිගන්නා අතරම, පශ්චාත්-ගැටුම් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමළ වැසියන් හා සිංහල බහුතරය වනාහී තවදුරටත් යෝනක ප්‍රජාවේ එකම "අනෙකා" නොවන්නේය යන තර්කය මෙම අධ්‍යයනය තුළින් ඉදිරිපත් කරනු ලැබේ. 1950 ගණන්වල සිට යෝනක ප්‍රජාව තුළ විවිධ කණ්ඩායම් සහ උප කණ්ඩායම් බිහි වීම ඉහළ යාම යෝනක,බෝරා,මෙමොන්,මැලේ  ආදී ප්‍රජාව බිඳී යාමට හේතු වූ අතර, යෝනකයන් තමාගේම "අනෙකා" බවට පත් වූහ. මේ වන තෙක්ම ජනවාර්ගික ගැටුම පිළිබඳ ගැටළු විසින් මෙය වසන් කොට දමනු ලැබීය.

එහෙයින් මෙම පත්‍රිකාව, යෝනක ප්‍රජාවේ කණ්ඩායම් අතර සම්බන්ධතාවල ගතිකයන්
පිළිබඳව සහ එකී ඛෙදීම් හා සබැඳුණු ප්‍රශ්න පිළිබඳව සියුම් රාමුවක් ඉදිරිපත් කිරීම සඳහා ඇතුළාන්තය විමසා බැලීමට අරමුණු කරයි. යෝනක ප්‍රජාව තුළ දක්නට ලැඛෙන වෙනස්  කණ්ඩායම්, ඒවා ඉස්මතු වීමේ පදනම, ඔවුන් අතර ගතිකයන් සහ ගැටුම් ඉස්මතු කරන සහ/හෝ එක්සත් බව ප්‍රකට කරවන සාධකයන් මෙම අධ්‍යයනය තුළ චිත්‍රණය කෙරේ.තවදුරටත්, යෝනක ප්‍රජාව පිළිබඳව යහපත් අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම පත්‍රිකාව මගින් යෝනක නොවන්නන්ට ආමන්ත්‍රණය කරන අතර ම, අභ්‍යන්තර මෙන්ම අන්තර්-ප්‍රජා සංවාදයක් බිහි කිරීමට සහ මුස්ලිම් පරිපාලන ආයතනවල ප්‍රතිපත්ති දැනුම් දීමේ පත්‍රිකාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි ද බලාපොරොත්තු වේ. 

කාලය හා සම්පත් සීමිත වීම නිසා මෙම පත්‍රිකාව යෝනකවරුන් ක‍ෂුද්‍ර ආකාරයෙන් විග්‍රහ කිරීමට සීමා වි ඇති බව ද සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් යන වචනය මුස්ලිම්, මැලේ, බෝරා සහ මෙමන්වරුන් හැඳින්වීම සඳහා මුස්ලිම් නොවන්නන් විසින් සාමූහිකව භාවිත කෙරේ.

 ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ක‍ෂුද්‍ර ආකාරයෙන් වටහා ගන්නා අතර, එහි
බොහෝ කොටස් පරීක‍ෂා කිරීමට හා අධ්‍යයනය කිරීමට අරමුණු කරයි.

අභ්‍යන්තර- ආගමික ගැටුම් ශ්‍රී ලංකාවට හෝ ලෝකයට අලූත් යමක් නොවන බව
අවධාරණය කිරීමට ද පර්යේෂකයෝ අදහස් කරති. ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව,
තමාගේම දේශපාලනය හා අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධතා සහිත විවිධ නිකායන්ට ඛෙදී ගොස් තිබේ. මීට සමානව ම, ඛෙදී නොගිය ද, බෞද්ධ හා හින්දු ප්‍රජාවන් සිය වන්දනාමාන හා වන්දනා භක්තීන්ට අනුව කලාපීයව වෙනස් වේ (1990). 

එහෙයින්,මුස්ලිම් අභ්‍යන්තර සම්බන්ධතා පිළිබඳ අපගේ උනන්දුව, අභ්‍යන්තර ආතතීන් සහිතඑකම කණ්ඩායම මුස්ලිම් ප්‍රජාව ලෙස හුදෙකලා කොට දැක්වීමක් ලෙස අවබෝධ කර නොගත යුතුය. මෙම කලාපය පිළිබඳ උනන්දුව ඇති කරන ලද්දේ ජාත්‍යන්තරව පවතින ඉස්ලාම්භීතිකාව විසින් තවදුරටත් උත්සන්න කරනු ලැබූ, අන්තවාදී කණ්ඩායම් විසින් දේශපාලන අවශ්‍යතා සඳහා උපයෝගි කර ගනු ලැබූ මෙම ආතතීන් විසිනි.


Comments

Popular posts from this blog

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව කුමක්ද ?

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මවුබස කුමක්දැයි යන්න පිළිබඳව අන් ආගමික ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව අතරත් විවිධ මතිමතාන්තර ඕනෑතරම් පළවී ඇත. නමුත් මේ දෙපාර්ශ්වයේම බහුතරය විශ්වාස කරන්නේ මුස්ලිම් ජනතාවගේ මවු බස දෙමළ බස යන්නයි. ඇතැම් මුස්ලිම් ජනයා එය අරාබි බස විය යුතුය කියා ද මත පළ කරති. මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා විශේෂ දේව මෙහෙය දෙමළ හා අරාබි බසින් පැවැත්වීම ඊට හොඳම උදාහරණයකි. මේ නිසාම ශ්‍රී ලංකාවේ බහුතර දෙමල මුස්ලිම් ජනතාව භාවිතා කරන්නේ දෙමළ බසය. එය අද ඊයෙක සිට නොව පරම්පරා ගණනාවක කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නකි. ශ්‍රී ලාංකික බහුතර දෙමල මුස්ලිම් ප්‍රජාව දෙමළ බස කතා කළත්, කොළඹ, මහනුවර,හම්බන්තොට හා ගාල්ල වැනි ප්‍රධාන නගරවල මුස්ලිම් ජනතාව ඉංග්‍රීසි බසත්, සිංහල බසත් ,මැලේ බසත්  තම ප්‍රධාන භාෂාව බවට පත්කරගෙන සිටිති. විශේෂයෙන් හම්බන්තොට ජීවත්වන මුස්ලිම් ජනයා ඉතා නිවැරැදිව සිංහල බස හසුරුවති. මෙරට ජීවත්වන මැලේ මුස්ලිම් ජාතිකයන්ගේ  ප්‍රධානතම භාෂා වන්නේ ද මැලේ, සිංහල හා ඉංග්‍රීසිය. එහෙත් දෙමළ බස මුස්ලිම්වරුන්ගේ භාෂාවකැයි ලේබල් ගසා ඇති නිසාම මුස්ලිම් ජාතිකයකුට තවත් මුස්ලිම් ජාතිකයකු ම

මුස්ලිම් ජාතිකයන් යනු කවුද?

ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස මාද්‍ය තුලින් අප අසා ඇත. මුස්ලිම්  ජාතිකයන් ලෙස ජාතියක් හෝ ජනවර්ගයක් නොමැත .සිංහල ප්‍රජාව බොහෝ විට මුස්ලිම් ජාතිකයන් ලෙස හදුන්වන්නේ අනවබෝධය නිසාය. ඉස්ලාම් ආගම අදහන ප්‍රජාව හදුන්වන පොදු නාමය මුස්ලිම් කියාය. මුස්ලිම් ප්‍රජාව තුල විවිධ ජාතින්ගෙන් සැදුම්ලත් ආගමික ප්‍රජාවකි. උදාහරණයක් ලෙස සිංහල ජාතික බෞද්ධයන් සේම සිංහල ජාතික කතෝලික , සිංහල ජාතික මුස්ලිම්වරු සිටිති. ජාතිය හා ආගම සදහන් කිරිමේදී බොහෝ දෙනෙකු පටලවා ගන්නා තැනකි ආගම සහ ජනවර්ගය. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස පවසනවා මාද්‍ය තුලින් දැක ඇත්තෙමු. එය බුදුදහම අදහන බෞද්ධයන් ලෙස කිවා සමානය. බුදුදහම අදහන්නන් බෞද්ධයන් මිස බුදුදහම අදහන කතෝලිකයකු හෝ බුදුදහම අදහන මුස්ලිම්වරු ලෙස පැවසිය නොහැක. එය එක් ආගමික ප්‍රජාවක් නිසාය. එබැවින් නොදැනුවත්කම නිසාම මුස්ලිම් ජාතික බෞද්ධයන් ලෙසත් ප්‍රකාශ වන අවස්ථා නැතුවා නොවේ. සැබැවින්ම ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුල මුස්ලිම් ආගම අදහන විවිධ ජාතින් සිටිති. සිංහල මුස්ලිම්වරු මැලේ මුස්ලිම්වරු මුවර් හෙවත් යෝනක මුස්ලිම්වරු මරක්කල මුස්ලිම්වරු දෙමල මුස්ලිම්වරු බ

රාමසාන් උත්සවය යනු කුමක්ද ?

මාසයක්‌ පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ ඉතා වැදගත් ආගමික, ආචාර විද්‍යාත්මක, දාර්ශනික සහ ප්‍රායෝගික අගයක්‌ ඇත. මසක්‌ පුරා උපවාස ශීලය රැකීමෙන් එය රකින අයට කුසගින්න යනු කුමක්‌දැයි හරි හැටි ප්‍රත්‍යක්‍ෂ වෙයි. එවන් ශීලයක්‌ නොරැක තුන්වේල හොඳින් කා බී කුස පුරවන අයට සෙසු සමාජයේ නිරතුරු කුස ගින්නෙන් පෙළෙන ජනතාව ගැන කල්පනා නොවේ. අසරණ දිළිඳු හා රෝගී ජනයාට ධර්මයේ නියමිත පරිදි සකාත් ප්‍රතිපත්තිය අනුව ආහාරපාන ආදිය හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කළ යුතු බවට මෙම උපවාස ශීලයෙන් කෙරෙන සිහිගැන්වීම ඉතා වැදගත්ය. මුස්‌ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය එක්‌ එක්‌ අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස්‌ වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්‌ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයාගේ දර්ශනය පාදක කරගෙනයි. මෙදින මෙරට රාජ්‍ය හා බැංකු නිවාඩු දිනයකි. මෙම උත්සවයේ නිමිත්ත ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වූ අල් කුරානයේ නියම කොට ඇති පරිදි උපවාස ශීලය (Fasting) රැකීමයි. මෙම උපවාසය ශීලය අල්ලා නම් සර්වබලධාරී දෙවිඳු විසින් ජිබ්රිල් හෙවත් අලෙයි සලාම් නම් තම දූතයා මගින් මහමත්තුමාට කරන ලද එළිදරව්වෙහි ඇතුළත් වූවකි.