Skip to main content

ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය

ශ්‍රිලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය දෙස බැලුවිට මුස්ලිම් ප්‍රජාව විවිධ කාලවකවානු තුල , විවිධ ජනවර්ග වලට අයත් විවිධ රටවල් වලට අයත් ඉස්ලාම් ජනයා මෙරටට පැමිණ ඇති බව නිගමනය කල හැක.

මුස්ලිම්  ජනවර්ග අනුව මුර් ,යෝනක(මරක්කල) ,මෙමොන්,බෝරා.කොජාහ් සහ මැලේ ලෙස විවිධ ජාතින් අයත් වේ.


  • මොරෝක්කොවෙන් පැමිණි  මූර් ජාතිකයින්
  • දකුණු ඉන්දියාවෙන් පැමිණි මරක්කල ජාතිකයන් (මලබාර් හා මලයාලම් ප්‍රජාව ඇතුලත්වේ )
  • අග්නිදිග ආසියාවේ ජාවා (ජාවක දේශය) , සහ මැලේසියානු අර්ධත්විපය ආශ්‍රිත පැමිණි ජාවා හෙවත් මැලේ ජාතිකයින් 
  • පාකිස්තානයෙන් පැමිණි මෙමොන්  ජාතිකයින් 
  • ගුජරාටි දේශයෙන් පැමිණි දාවුදී බෝරා ජාතිකයින් 
  • උතුරු ඉන්දියාවේ ගුජරාටි දේශයෙන් පැමිණි තුර්කි සම්භවයක් සහිත කොජාහ් ජාතිකයින් 

ඉහත ආකාරයට විවිධ දේශයන් ,සංස්කෘතින් හා විවිධ භාෂා කතා කරන විවිධ ජාතින්ට අයත් මුස්ලිම්වරු වෙනස් ඉතිහාසයන්ට අයත් වේ.

ලංකාවේ පදිංචි වූ මුස්ලිම්වරුන් බහුතරය මුස්ලිම් ආගම වැළඳගත් දකුණු ඉන්දීයයන් වූ අතර ඔවුන් මවුබස වශයෙන් භාවිතා කෙළේ අරාබි නොව දෙමළ යි. අද ද ශ‍්‍රී ලංකා බහුතර මූර්- මුස්ලිම්වරු සිය මවුබස වශයෙන් සලකන්නේ දෙමළ භාෂාවයි.

ඒ හැර , මැලේ - මුස්ලිම්වරු මැලේ මව්බස වන අතර ,  බෝරා සහ මෙමොන් ප්‍රජාව හින්දි-උර්දු මිශ්‍රිත භාෂා මව්බස ලෙස සලකයි.




දෙමල මුස්ලිම් සංක්‍රමණිකයන්ගෙන් දෙවන පිරිස ශ්‍රී ලංකාවට අවතීර්ණ වුයේ දකුණු ඉන්දියාවෙනි. දකුණු ඉන්දියානු වරාය වල පදිංචිව සිටි මුල් අරාබි වෙලෙන්දෝ දේශීය ස්ත්‍රීන් විවාහ කරගෙන ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ඉස්ලාම් ආගමට හරවා ගත්හ. මේ කුඩා දෙමළ මුස්ලිම් ප්‍රජාව, හින්දු ආගම අතහැර ඉස්ලාම් ආගම වැලඳ ගත් සැලකිය යුතු ප්‍රමාණයක් වු නිසා සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනය විය.
දකුණු ඉන්දියාවේ දෙමල මුස්ලිම් ජනගහනය වර්ධනය වෙත්ම, ද්‍රවිඩ ස්වර විද්‍යාව උල්ලංඝනය නොවන පරිදි යම් යම් වෙනස් කම් සහිතව දෙමළ සහ මලයාලම් භාෂා අරාබි අක්ෂරයෙන් ලිවීමට පටන් ගත්හ. ඉස්ලාමීය සංකල්ප සහ ආගමෙන් මුළුමණින්ම වෙන්කළ නොහැකි යම් යම් කටයුතු ප්‍රකාශ කිරීම සඳහා අරාබි වචන ගණනාවක් හඳුන්වා දී තිබේ. මෙම උපභාෂාව අරාබි-දෙමළ භාෂාව යනුවෙන් හැඳින්විණි. දකුණු ඉන්දියාවේ දෙමල මුස්ලිම් වරුන් ඉස්ලාමීය ලෝකයේ සාහිත්‍ය දැනසිටි අතර ඒවායින් සමහරක් අරාබි-දෙමළ භාෂාවට පරිවර්තනය කරනු ලැබීය. දහ හතර වන සියවසේ සිට අරාබි දෙමළ මාධ්‍යයෙන් දකුණු ඉන්දියාවෙන් ඉස්ලාම් බලපෑම් පැතිරෙන්නට විය.



ඉතිහාසයේ අමුද්‍රව්‍ය වන ශිලා ලිපි, සන්නස්, බෞද්ධ විහාර වාර්තා, සාහිත්‍යය, වංශ කථා, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි ජාතිකයින්ගේ ලේඛන වැනි මූලාශ‍්‍රයන්ගෙන් ලැබෙන තොරතුරුවලට අමතරව ක්‍ෂේත‍්‍ර අධ්‍යයනයෙන් ලබාගත් විස්තර තුලින් මුස්ලිම් ඉතිහාසය පිලිබදව වැදගත් තොරතුරු රාශියක් හෙළි වේ.

 
පෘතුගීසීහු හා ලන්දේසීහු ස්වකීය වාණිජ ප‍්‍රතිමල්ලවයින් වූ ද මිථ්‍යාදෘෂ්ටිකයින් ලෙස සලකනු ලැබුවා වූ ද මුස්ලිම්වරුන් මර්දනයට දැඩි කි‍්‍රයා මාර්ග ගත්හ.
මෙහි සමුච්චිත ප‍්‍රතිඵලය වූයේ එතෙක් කල් මුහුදුබඩට සීමා වූ දෙමල මුස්ලිම්වරු උඩරට රාජධානියේ අභ්‍යන්තරයට ප‍්‍රවිශ්ට වීමයි.දෙමල මුස්ලිමුන්ට ඔවුන්ගේ දුර්භාග්‍ය සමයේ දී උඩරට ක්‍ෂේම භූමියක් වූයේ එහි රජවරුන්ගේ තිබූ සහනශීලී ප‍්‍රතිපත්තීන් නිසා ය.
ස්වකීය අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන් ස්වදේශීකරණයට හසුවූයේ එහිදී ය.
පෘතුගීසීන්ගේ මර්ධන හස්තයට අසුවූවද යටත් පිරිසෙයින් දෙමල මුස්ලිම්වරුන්ගෙන් සුලු පිරිසක් හෝ ඔවුන්ගේ ධන සම්පත්, දියුණු නුවණ සහ නැව් පැදවීමේ අපූර්ව දක්ෂතාව මඟින් මෙන් ම දූෂිත පෘතුගීසි නිලධාරීන්ට අල්ලස් දීම මඟින් ද මුහුදුබඩ පළාත්වල අවිනිශ්චිත තත්ත්වයකින් හෝ සිටින්නට සමත් වූහ.
ලන්දේසීන් ද කෘෂිකාර්මික කටයුතු මඟින් සමාගමේ ලාභ වර්ධනය කර ගැනීමේ අපේක්ෂාව මත පහතරට දුප්පත් මුස්ලිම් ගොවි ජනතාව දැඩි මර්දනයකට ලක් නොකළ බව කෘතියෙහි සඳහන් වෙයි.

මේ හැර උඩරට පාලකයින් හා ලංදේසීන් අතර ඇති වූ සංග‍්‍රාමයන්හි දී මැලේ කුලී හේවායින් ලෙස දෙපක්ෂයට ම සේවය කළ අයුරුත් වෙළෙන්දන් වශයෙන් පෙනී සිටිමින් ප‍්‍රදේශ මායිම් හරහා යාමට ඔවුන්ට තිබූ දක්ෂතාව නිසා දෙපක්ෂයේ ම ඔත්තුකරුවන් හා පණිවිඩකරුවන් ලෙස සේවයකොට තිබේ.

කෙසේ වුවද 1500න් පසු රට අභ්‍යන්තරයේ බහුලව පදිංචි වීම නිසා උඩරට රාජධානියේ දෙමල-මුස්ලිම්වරු ව්‍යූහාත්මක ස්වීකරණයකට ලක්වූහ. මෙසේ උඩරට දේශපාලන හා සමාජ ව්‍යූහයට බද්ධ වීමේදී කරාව කුලයත් සමඟ සමීප වී රජුගේ ‘මඩිගෙ බද්ධ’ හෙවත් ගැල් ගවයින් ගේ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූහ.

දළදා මාලිගාවට මෙන් ම අනෙකුත් බොහෝ සිද්ධස්ථානවල ධාන්‍ය රැගෙන යාම වැනි ප‍්‍රවාහන කටයුතු කළහ. එම සිද්ධස්ථානවල පවත්වනු ලැබූ අවුරුදු මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, ඇසළ පෙරහැර, කාර්ති මංගල්‍යය යන සතර මංගල්‍යයන්හි දී ලුණු වැනි විවිධ ද්‍රව්‍ය හා උපකරණ සැපයූහ.
බෙර ගැසීම, රන් රිදී භාණ්ඩ පිරිසිදු කිරීම වැනි සේවා කාර්යයන් ඉටු කළහ. ඔවුහු ඉස්ලාම් ධර්මයට හානියක් නොවන අයුරින් බෞද්ධ විහාරයන්හි පැවති ව්‍යූහයට නම්‍යශීලී ලෙස හුරුවූහ.
බෞද්ධ විහාරාරාමයන් ද දෙමල ප‍්‍රජාව කෙරෙහි විවිධාකාරයෙන් උපකාර කරන ලද අවස්ථා එමට ය. එබඳු ප‍්‍රතිචාරයන්හි පුදුම එලවන සුලු අති විශේෂ අවස්ථාවන්ගෙන් එකක් ලෙස සඳහන් කොට ඇත්තේ රිදී විහාරයේ භික්ෂූන් වහන්සේලා දෙමල මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දී මූර් පූජකවරයකු ගේ නඩත්තුව සඳහා ද ඉඩම් කොටසක් වෙන් කර දී තිබීම ය.

භාරතයෙහි බහුල ලෙස පැතිරී තිබුණු උග‍්‍ර හින්දු – මුස්ලිම් ගැටුම් සහ ආගමික යුද්ධ දෙස බලන කල ශ‍්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින් හින්දු දේවාලවල කි‍්‍රයාකාරිත්වයට සාමකාමීව එක්වූ අවස්ථා ද විශ්මයජනක ලෙස දක්නට ලැබේ. මෙපරිදි දෙමල මුස්ලිම් ප‍්‍රජාව ආගන්තුක සංස්කෘතියේ අවශ්‍යතාවලට පහසුවෙන් හුරු වුවද ඊට මුලුමනින් ම අනුගත නොවී ස්වීයත්වය ද මැනැවින් රැකගත්හ.
මෙම තත්ත්වය 1815 වසරේ දී බි‍්‍රතාන්‍යයින් කන්ද උඩරට අල්ලා ගත්පසු වෙනස් විය. එයින් පසු මුස්ලිම්වරු ජයග‍්‍රාහී බි‍්‍රතාන්‍යයන්ගේ පක්ෂය ගැනීමට නැඹුරු වූ හ.
එතෙක් කල් සාමකාමීව එකට වාසය කළ සිංහල, දෙමල ,මැලේ යන  ජන කණ්ඩායම් බි‍්‍රතාන්‍ය පාලකයින්ගෙ උපක‍්‍රමශීලී හා ඉතා සියුම් ලෙස බෙදා පාලනය කිරීමේ කි‍්‍රයාවලිය නිසා තරමක් දුරකට භේද භින්න විය.


උඩරට රාධධානියෙහි ද දෙමල මුස්ලිම්වරුන් මේ වැනුම තත්වවලට පත් කර තිබුණු බෑවු සිත ගන්නාසුළු කරුණකි. ආගම ඇදහීමේ පූර්ණ නිදහස ඔවුනට දී තිබුණි. ඇත්ත වශයෙන් කිවහොත් අයෝධ්‍ය පාලකවරුන් විසින් ඉස්ලාම් ආගමට රාජකීය අනුග්‍රහය පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ දී මෙන් පල්ලි ඉදි කිරීමටත් මුස්ලිම් උත්සව පැවැත්වීමටත් රජයේ අරමුදල් වෙන කරදෙන ලදී.


1800 දී වැවිලි වතු ක්ෂේත‍්‍රය ලංකාවට හදුන්වා දීමත් සමඟ ඉන්දීය හා මලයාම් ජාතික කම්කරුවන් මෙන්ම ඉන්දීය දෙමල මුස්ලිම් වෙළදුන් පැමිණියේ ය. නමුත් 1833 කෝල්බෲක් ආණ්ඩුක‍්‍රමය කි‍්‍රයාත්මක වීමට පටන් ගත් යුගයේ සිට ශ‍්‍රි ලංකාවේ දෙමල- මුස්ලිම් ජනයා නියෝජනය වුයේ දෙමළ ජාතියයි.

එනම් වෙනම ජන කොට්ඨාසයක් ලෙස මුස්ලිම් ජනයා සැළකුවේ නැත. ඒ අවධිය වන විට දෙමල මුස්ලිම් ජනතාව මුහුදුබඩ මූර්, ලංකා මූර්, මැලේ ජාතිකයින් ලෙස කොටස් 3කට වෙන්වී සිටි අතර කොළඹ, මහනුවර වැනි නගරයන්හී යම් සමාජ තත්වයක් අත්පත් කර ගෙන සිටියේ මැලේ මුස්ලිම් ජාතිකයින්  විසිනි.
එකල දෙමල මුස්ලිම්වරු ව්‍යාපාරයට දක්ෂ වූ අතර මැලේ මුස්ලිම්වරු ආරක්ෂක සේවාවන්ට දක්ෂ විය.

මැලේ මුස්ලිම්වරුන්ගෙන් දෙවැනි සංක්‍රමණිකයආරම්භ වන්නේ යටත් විජිත යුගයේදීය, ඒ හමුදා සේවාවන් තුල දක්ෂ වූ මැලේ මුස්ලිම්වරු එකල ඉංග්‍රීසි මැනවින් දක්ෂ ලෙස හැසිරිවිම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල උසස් නිලතල දරන්නන් විය.



එබැවින් මැලේ ජාතික නායකයන් සමස්ථ දෙමල මුස්ලිම් ජනයාගේ හඬ බවට පත්විය. එහිදී ඔවුන් තර්ක කරන ලද්දේ තව දුරටත් මුස්ලිම් ජාතිකයන් දෙමළ ජන කොට්ඨාසයට අයත් නොවන බවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1889 දී ස්වදේශික නියෝජනත්වයක් දෙමල මුස්ලිම් ජනතාවට ලැබුණි.


19 සියවසේ අගභාගය වන විට යටත් විජිත පාලකයන්ට එරෙහි අරගලය ක‍්‍රිස්තියානි ආගමට එරෙහි අරගලයක් බවට විතැන් වී තිබිණි. දේශීය සංස්කෘතිය පිරිහීයාමට එරෙහිවත්, අමද්‍යප ව්‍යාපාරය ලෙසත් බෞද්ධ පුනරුදය මෙකල උත්සන්නව පැවතියේ ය. අනගාරික ධර්මපාලගේ පැමිණීමේ සිට ආගමික හා ජාතික ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් මෙකළ අලූතින් ආරම්භ විය. වෙළදාමේදී වඩාත් දක්ෂ ලෙස දෙමල  මුස්ලිම් ව්‍යාපාර දියුණුවීමේ දී එකී තරඟය සිංහල -මරක්කල  අරගලයක් දක්වා රැගෙන ඒමට සිංහල ජනයා කි‍්‍රයා කළ අතර දිනමිණ, සිංහල ජාතිය, සිංහල බෞද්ධයා වැනි සිංහල පුවත් හරහා මලයාම් හා දෙමල මුස්ලිම් ජාතිකයන් නිර්ධය ලෙස විවේචනය කිරීමට එකළ සිංහල බෞද්ධ සමාජය කටයුතු කළේය.



පෘතුගීසීන්ගෙන් පසු එළැඹෙන ලන්දේසි යුගයද දෙමල මුස්ලිම්වරුන්ට යහපත් නොවීය. හේතුව ඔවුන්ගේ පාරම්පරික වෘත්තිය වූ වෙළෙඳාමට ලන්දේසීන් අවහිර කිරීමයි. ඒ තත්ත්වය වෙනස්වන්නේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදීය. වෙළෙඳාම සඳහා මහා පරිමාණයෙන් ඉඩ ප්‍රස්ථා විවර වන්නේ ද ඒ යුගයේදීය. බ්‍රිතාන්‍යයන් ආනයන අපනයන වෙළෙඳාමේදී තමන් අත තබාගත්තේ තෝරාගත් අංශ කිහිපයක් පමණය. අනෙක් අංශවල වෙළෙඳාමේ නිරතවීමේ අයිතිය ඒ ගැන උනන්දුවක් දක්වන වෙනත් අයට දුන්නේය. සිංහලයන් වෙළෙඳාමට නැඹුරු වූයේද වතු ආර්ථිකයක් ඇතිවීමත් සමගය. එහෙත් ඔවුන් වෙළෙඳාමට අධුනිකයන් වූ නිසාත් වෙළෙඳාම දෙමල මුස්ලිම්වරුන්ගේ ඇ‍ඟේ තිබුණු දෙයක් වීම නිසාත් ස්වදේශීය වෙළෙඳුන් අතර ප්‍රමුඛ තත්ත්වයක් හිමිකර ගත්තෝ දෙමල මුස්ලිම් වෙළෙන්දෝය. 

එහෙත් ආගමික හේතු නිසා දෙමල මුස්ලිම්වරුන් අරක්කු වෙළෙඳාමට අත නොගැසීම හේතුකොට ගෙන අරක්කු වෙළෙඳාමේදී පමණක් සිංහල වෙළෙන්දෝ ප්‍රමුඛ වූහ. 

දෙමල මුස්ලිම්වරු අධ්‍යාපනය නොවැදගත් කොට සැලකූ අතර වැදගත් කොට සැලකුවෝ වෙළෙඳාමය. එහෙත් සිංහලයන් සේ ම, ඊටත් වඩා මැලේ මුස්ලිම්වරු අධ්‍යාපනය වැදගත් කොට සැලකූහ. 

උතුරේ හින්දු දමිළයන්ට දියුණුවීමට ඒ ප්‍රදේශවල ව්‍යාපාරික මාර්ග විවෘත නොවීම ඔවුහු දියුණුව කරා යන ප්‍රධාන මාර්ගය බවට පත්කරගත්තෝ අධ්‍යාපනයයි. කුමාරි ජයවර්ධනට අනුව 20 සියවස ආරම්භ වනවිටත් මහා පරිමාණ වෙළෙඳ කටයුතුවල යෙදී සිටියේ සිංහල හා දෙමළ පුද්ගලයන් කිහිපදෙනෙකු පමණය. මහා පරිමාණයේ වෙළෙඳාම යුරෝපීයයන්ට, විවිධ ඉන්දියානු ජාතිකයන්ට හා දේශීය වශයෙන් දෙමල මුස්ලිම්වරුන්ට සීමාවූ දෙයක් වී තිබුණි. සිංහල වෙළෙඳුන්ගෙන් බහුතරය සිල්ලර වෙළෙඳාමේ යෙදුනු සුළු වෙළෙන්දෝ වූහ. යු‍රෝපීයයන්ගේ වෙළෙඳ කේන්ද්‍රය පිහිටා තිබුනේ කොළඹ කොටුවේය. යුරෝපීය නොවන වෙළෙඳ කේන්ද්‍රය පිහිටා‍ තිබුණේ පිටකොටුවේය. පිටකොටුව වෙළෙඳාමේ අධිපත්‍යය හිමිකරගෙන සිටියෝ හෙට්ටි වෙළෙන්දෝ හා දෙමල මුස්ලිම් වෙළෙන්දෝය.

වෙළෙඳාමේදී මුස්ලිම්වරුන් හිමි කරගෙන සිටි ආධිපත්‍යය සිංහල බෞද්ධ වෙළෙඳුන්ගේ ඊර්ෂ්‍යාවට සේ ම විරෝධයටද හේතුවී තිබුණි. වෙළෙඳාම දෙමල මුස්ලිම්වරුන්ගේ ඇ‍ඟේ තිබුණු දෙයක් වීම නිසාත් සිංහලයන් වෙළෙඳාමට අලුතෙන් එකතු වී තිබුණු පිරිසක් වීම නිසාත් වෙළෙඳාමේදී දෙමල මුස්ලිම්වරුන් හා තරඟ කිරීමේ ශක්තියක් සිංහල වෙළෙඳුන්ට නොතිබුණේය. එහෙත් වෙළෙඳ තරඟයෙන් දෙමල මුස්ලිම්වරුන් ඉවත් කොට ඔවුන්ගේ වෙළෙඳාම තමන් වෙත හිමි කරගැනීමේ වුවමනාවක් සිංහල වෙළෙඳුන්ට තිබුණු අතර ඒ නිසා දෙමල මුස්ලිම් විරෝධී මතවාද පතුරුවන ආගමික හා ජාතික ව්‍යාපාරවලට ඔවුහු නිර්ලෝභීව මුදලින් ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමය කළෝය. එය 1915 සිංහල මුස්ලිම් කෝලාහලය කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් වීයැ’යි කිව හැකිය. 1915 ඇතිවූ මුස්ලිම් කෝලාහලයෙන් අවුරුදු 98කට පසුව දැන් ඇතිවී තිබෙන මුස්ලිම් විරෝධී මතවාදී ව්‍යාපාර කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකය ලෙස සැලකිය හැක්කේද එයමය. සිංහල මුස්ලිම් වෙළෙඳ තරඟයේ අවලස්සන ඵලයක් ලෙස සැලකිය යැකිය.

අදත් එම තත්වය අන්තර්ජාලය හා සිංහල රාවය වැනි පුවත්පත් හරහා අපට දැකගත හැකිය. කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය කිරීටයට එරෙහිව අරඹන ලද ජාතික ව්‍යාපාර පසුකාලීනව සෙසු ජන වර්ග වලට එරෙහි ව්‍යාපාර බවට පරිවර්තනය විය. එය බි‍්‍රතාන්‍යයන් විසින් මෙහෙයවන ලද උපක‍්‍රමයක්ද කියා අදටත් පැහැදිලි නොවේ.

මෙලෙස දිගින් දිගටම ඇතිවන ලද තාඩන පීඩන හේතුවෙන් දෙමල මුස්ලිම් ජාතිකයන්ද සමාජීය හා දේශපාලන ක්ෂේත‍්‍රය තනි බලවේගයක් බවට පත්වීමේ අඛණ්ඩ උත්සාහයක නිරත විය.  ඔවුන්ගේ රැකියාවන් නිදහසේ කරගෙන යාමට නොහැකි වීමත් නිසා 1921 වනවිට දෙමල මුස්ලිම්වරු තමන් වෙනම ජාතියක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී. ඔවුන් තව දුරටත් දෙමළ ජනකොටසට අයිති නොවන බවත් ලංකා මූර් හා ලංකා මැලේ ලෙස ජාතින් දෙකට හා භාෂා දෙකට අයත් ප්‍රජාවක් වශයෙනුත්  බෙදීමකට ලක් විය.


( යෝනක හෙවත් මරක්කල ලෙස හදුන්වන ව්‍යවහාරයේ පොදුවේ දෙමල බස කතාකරන මුස්ලිම් ප්‍රජාව  ලංකා-මරක්කල ලෙසද, මැලේ හෙවත්  ජාවා බස කතා කරන මුස්ලිම් ප්‍රජාව ලංකා-මැලේ ජාතිකයින් ලෙස වර්ග කෙරේ.)

Comments

  1. තවත් හොද ලිපියක්.... ඉදිරියටත් මෙවන් ලිපි ලියන මෙන් කාරුණිකව ඉල්ලමු...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව කුමක්ද ?

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මවුබස කුමක්දැයි යන්න පිළිබඳව අන් ආගමික ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව අතරත් විවිධ මතිමතාන්තර ඕනෑතරම් පළවී ඇත. නමුත් මේ දෙපාර්ශ්වයේම බහුතරය විශ්වාස කරන්නේ මුස්ලිම් ජනතාවගේ මවු බස දෙමළ බස යන්නයි. ඇතැම් මුස්ලිම් ජනයා එය අරාබි බස විය යුතුය කියා ද මත පළ කරති. මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා විශේෂ දේව මෙහෙය දෙමළ හා අරාබි බසින් පැවැත්වීම ඊට හොඳම උදාහරණයකි. මේ නිසාම ශ්‍රී ලංකාවේ බහුතර දෙමල මුස්ලිම් ජනතාව භාවිතා කරන්නේ දෙමළ බසය. එය අද ඊයෙක සිට නොව පරම්පරා ගණනාවක කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නකි. ශ්‍රී ලාංකික බහුතර දෙමල මුස්ලිම් ප්‍රජාව දෙමළ බස කතා කළත්, කොළඹ, මහනුවර,හම්බන්තොට හා ගාල්ල වැනි ප්‍රධාන නගරවල මුස්ලිම් ජනතාව ඉංග්‍රීසි බසත්, සිංහල බසත් ,මැලේ බසත්  තම ප්‍රධාන භාෂාව බවට පත්කරගෙන සිටිති. විශේෂයෙන් හම්බන්තොට ජීවත්වන මුස්ලිම් ජනයා ඉතා නිවැරැදිව සිංහල බස හසුරුවති. මෙරට ජීවත්වන මැලේ මුස්ලිම් ජාතිකයන්ගේ  ප්‍රධානතම භාෂා වන්නේ ද මැලේ, සිංහල හා ඉංග්‍රීසිය. එහෙත් දෙමළ බස මුස්ලිම්වරුන්ගේ භාෂාවකැයි ලේබල් ගසා ඇති නිසාම මුස්ලිම් ජාතිකයකුට තවත් මුස්ලිම් ජාතිකයකු ම

මුස්ලිම් ජාතිකයන් යනු කවුද?

ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස මාද්‍ය තුලින් අප අසා ඇත. මුස්ලිම්  ජාතිකයන් ලෙස ජාතියක් හෝ ජනවර්ගයක් නොමැත .සිංහල ප්‍රජාව බොහෝ විට මුස්ලිම් ජාතිකයන් ලෙස හදුන්වන්නේ අනවබෝධය නිසාය. ඉස්ලාම් ආගම අදහන ප්‍රජාව හදුන්වන පොදු නාමය මුස්ලිම් කියාය. මුස්ලිම් ප්‍රජාව තුල විවිධ ජාතින්ගෙන් සැදුම්ලත් ආගමික ප්‍රජාවකි. උදාහරණයක් ලෙස සිංහල ජාතික බෞද්ධයන් සේම සිංහල ජාතික කතෝලික , සිංහල ජාතික මුස්ලිම්වරු සිටිති. ජාතිය හා ආගම සදහන් කිරිමේදී බොහෝ දෙනෙකු පටලවා ගන්නා තැනකි ආගම සහ ජනවර්ගය. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස පවසනවා මාද්‍ය තුලින් දැක ඇත්තෙමු. එය බුදුදහම අදහන බෞද්ධයන් ලෙස කිවා සමානය. බුදුදහම අදහන්නන් බෞද්ධයන් මිස බුදුදහම අදහන කතෝලිකයකු හෝ බුදුදහම අදහන මුස්ලිම්වරු ලෙස පැවසිය නොහැක. එය එක් ආගමික ප්‍රජාවක් නිසාය. එබැවින් නොදැනුවත්කම නිසාම මුස්ලිම් ජාතික බෞද්ධයන් ලෙසත් ප්‍රකාශ වන අවස්ථා නැතුවා නොවේ. සැබැවින්ම ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුල මුස්ලිම් ආගම අදහන විවිධ ජාතින් සිටිති. සිංහල මුස්ලිම්වරු මැලේ මුස්ලිම්වරු මුවර් හෙවත් යෝනක මුස්ලිම්වරු මරක්කල මුස්ලිම්වරු දෙමල මුස්ලිම්වරු බ

රාමසාන් උත්සවය යනු කුමක්ද ?

මාසයක්‌ පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ ඉතා වැදගත් ආගමික, ආචාර විද්‍යාත්මක, දාර්ශනික සහ ප්‍රායෝගික අගයක්‌ ඇත. මසක්‌ පුරා උපවාස ශීලය රැකීමෙන් එය රකින අයට කුසගින්න යනු කුමක්‌දැයි හරි හැටි ප්‍රත්‍යක්‍ෂ වෙයි. එවන් ශීලයක්‌ නොරැක තුන්වේල හොඳින් කා බී කුස පුරවන අයට සෙසු සමාජයේ නිරතුරු කුස ගින්නෙන් පෙළෙන ජනතාව ගැන කල්පනා නොවේ. අසරණ දිළිඳු හා රෝගී ජනයාට ධර්මයේ නියමිත පරිදි සකාත් ප්‍රතිපත්තිය අනුව ආහාරපාන ආදිය හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කළ යුතු බවට මෙම උපවාස ශීලයෙන් කෙරෙන සිහිගැන්වීම ඉතා වැදගත්ය. මුස්‌ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය එක්‌ එක්‌ අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස්‌ වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්‌ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයාගේ දර්ශනය පාදක කරගෙනයි. මෙදින මෙරට රාජ්‍ය හා බැංකු නිවාඩු දිනයකි. මෙම උත්සවයේ නිමිත්ත ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වූ අල් කුරානයේ නියම කොට ඇති පරිදි උපවාස ශීලය (Fasting) රැකීමයි. මෙම උපවාසය ශීලය අල්ලා නම් සර්වබලධාරී දෙවිඳු විසින් ජිබ්රිල් හෙවත් අලෙයි සලාම් නම් තම දූතයා මගින් මහමත්තුමාට කරන ලද එළිදරව්වෙහි ඇතුළත් වූවකි.