Skip to main content

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව කුමක්ද ?



ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මවුබස කුමක්දැයි යන්න පිළිබඳව අන් ආගමික ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව අතරත් විවිධ මතිමතාන්තර ඕනෑතරම් පළවී ඇත.

නමුත් මේ දෙපාර්ශ්වයේම බහුතරය විශ්වාස කරන්නේ මුස්ලිම් ජනතාවගේ මවු බස දෙමළ බස යන්නයි. ඇතැම් මුස්ලිම් ජනයා එය අරාබි බස විය යුතුය කියා ද මත පළ කරති. මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා විශේෂ දේව මෙහෙය දෙමළ හා අරාබි බසින් පැවැත්වීම ඊට හොඳම උදාහරණයකි.

මේ නිසාම ශ්‍රී ලංකාවේ බහුතර දෙමල මුස්ලිම් ජනතාව භාවිතා කරන්නේ දෙමළ බසය. එය අද ඊයෙක සිට නොව පරම්පරා ගණනාවක කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නකි. ශ්‍රී ලාංකික බහුතර දෙමල මුස්ලිම් ප්‍රජාව දෙමළ බස කතා කළත්, කොළඹ, මහනුවර,හම්බන්තොට හා ගාල්ල වැනි ප්‍රධාන නගරවල මුස්ලිම් ජනතාව ඉංග්‍රීසි බසත්, සිංහල බසත් ,මැලේ බසත්  තම ප්‍රධාන භාෂාව බවට පත්කරගෙන සිටිති. විශේෂයෙන් හම්බන්තොට ජීවත්වන මුස්ලිම් ජනයා ඉතා නිවැරැදිව සිංහල බස හසුරුවති.

මෙරට ජීවත්වන මැලේ මුස්ලිම් ජාතිකයන්ගේ  ප්‍රධානතම භාෂා වන්නේ ද මැලේ, සිංහල හා ඉංග්‍රීසිය.

එහෙත් දෙමළ බස මුස්ලිම්වරුන්ගේ භාෂාවකැයි ලේබල් ගසා ඇති නිසාම මුස්ලිම් ජාතිකයකුට තවත් මුස්ලිම් ජාතිකයකු මුණගැසුණුවිට දෙදෙනාම කතා බහ කරන්නේ දෙමළ බසිනි. එමෙන්ම එය මුස්ලිම් ජාතියේ අනන්‍යතාවයක් බවට ද පත්වී තිබේ.දෙමළ බස නොදන්නේ නම් ඔහු මුස්ලිම් නොවන බව දෙමල මුස්ලිම් සමාජයේ මතයක් වී තිබේ.

එහෙත් ලෝකයේ සෙසු රටවල්වල ජීවත්වන මුස්ලිම් ජනතාවගේ මවුබස පිළිබඳව සොයා බැලීමේ දී අප රටේ මුස්ලිම් ජනතාවගේ මවුබස පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් පැන නගී.ලොව ඕනෑම රටක මුස්ලිම් ජනයා ඒ ඒ රටවල මවු භාෂාව නැතහොත් ප්‍රධාන භාෂාව තම මවුබස බවට පත්කරගෙන සිටිති. 

අමෙරිකාවේ මුස්ලිම්වරුන් ඉංග්‍රීසි බසින් ද, චීනයේ මුස්ලිම්වරුන් චීන බසින් ද, රුසියාවේ මුස්ලිම්වරුන් රුසියානු බසින් ද කතා බහ කරති. ඒවා ඔවුන්ගේ මවු භාෂාව ලෙස හඳුන්වති. භාෂා රැසක්ම භාවිතා කෙරෙන අසල්වැසි ඉන්දියාවේ මුස්ලිම් ජනයාගේ භාෂා විවිධාකාරය. එසේ සිදුවී ඇත්තේ එක් එක් ප්‍රාන්තවල භාවිතා කෙරෙන භාෂාව අනුවය.

නමුත් අවාසනාවකට ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගේ මවු භාෂාව මේ රටේ ප්‍රධාන භාෂාව වන සිංහල බස වූයේ නැත. එය ඉතා ඛේදජනක කරුණක් වන්නේ අතීතයේ වෙළෙඳාම සඳහා බේරුවලට පැමිණි අරාබි ජාතිකයන් සිංහල කාන්තාවන් හා විවාහ වීමෙන් අපේ රටේ මුස්ලිම්වරුන්ගේ පැවැත්ව ආරම්භ වූ බව ඉතිහාසයේ සඳහන්වන නිසාය. බිරිය සිංහල වීමත්, දරුවන් හැදෙන පරිසරය සිංහල පසුබිමක් සහිත එකක් වීමත් හේතුවෙන් සැමියා අරාබි මුස්ලිම්  ජාතිකයෙකු වූවත් දරුමුනුපුරන් සිය මවුබස ලෙස සිංහල බස තෝරාගත යුතුව තිබිණි. එසේත් නැතිනම් පියා අරාබි ජාතිකයකු වීම හේතුවෙන් දරුවන් අරාබි බස සිය මවුබස කරගත යුතුව තිබිණි.

එහෙත් ඒ භාෂා දෙකම පසෙක ලා අපේ රටේ මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම ආගන්තුක බසක් වූ දෙමළ බස තෝරාගෙන ඇත්තේ කෙසේදැයි යන්න ගැටලුවකි. නැතිනම්, අරාබි මුස්ලිම්වරු වෙළදාමට පැමිණ සිංහල කාන්තාවන් විවාහ කොට පදිංචි වුවායැයි පැවසෙන ඉතිහාසය සාවද්‍ය මතයකි.


දකුණු ඉන්දියා දෙමළ මුස්ලිම්වරුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුකොටගෙන ඉන්දියාවේ  එවකට පැවැති දෙමළ මුස්ලිම් සමාජයේ අරාබි ලක්ෂණ ක්‍රමයෙන් අහෝසිවෙමින් ඉන්දියා ලක්ෂණ ආදේශවන්නට විය. එකල දකුණු ඉන්දියාවේ වානිජ භාෂාව වූ දෙමළ බස ද මෙරට දෙමල මුස්ලිම්වරුන්ගේ භාෂාව බවට පත්විය.
දෙමළ මවුබස වූ  මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් පෙර ඉතිහාසය දෙස බැලීමේදී හින්දුන් විසින් පසු කාලයේදී ඉස්ලාම් ධර්මය වැළදගත් පිරිස බව දෙමල මුස්ලිම් සංස්කෘතියෙහි දකින්නට ඇති හින්දු සංස්කෘතික ලක්ෂණ හා ක්‍රියාකාරකම් මගින් පැහැදිලි වේ,

ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ විකාශය සිංහල භාෂාවේ අකුරක්වත් නොදන්න මුස්ලිම්වරුන් අපමණය. සිංහල භාෂාව දන්නා මුස්ලිම්වරුන් ඒ භාෂාව හසුරුවන ආකාරය ද ආගන්තුකය. මැනවින් සිංහල බස හසුරුවන්නේ මුස්ලිම්වරුන්ගෙන් අතළොස්සකි. දෙමළ බස මෙරට මුස්ලිම් ප්‍රජාව අතර කෙතරම් මුල් බැසගෙන තිබේද යත් බොහෝ මුස්ලිම් දේවස්ථානවල කිසිවකු දෙමළ බස වෙනුවට සිංහල බස භාවිතා කිරීම සෙසු අයගේ විමතියට හා අවධානයට භාජනය වීමට ද හේතුවකි. ඔවුන්ට අනුව ඉස්ලාම් භක්තිකයන් දේවස්ථානයේ දී භාවිතා කළ යුත්තේ දෙමළ භාෂාවය.

මුස්ලිම් පල්ලියේ දේව මෙහෙය සිදුකරද්දි අරාබි භාෂාව උපයෝගී කරගත්තත් බොහෝවිට සිදුවන්නේ දෙමළ බසිනුයි. අරාබි බසින් දේශනා පැවැත්වූවත් අපේ රටේ මුස්ලිම් මිනිස්සු  90% දෙනකුට අරාබි භාෂාව ගැන නිසි දැනුමකුත් නැත. අරාබි මව්බස කරගත් කිසිදු මුස්ලිම් පවුලක් ශ්‍රිලංකාවේ දකින්නට නැත.

බෝරා හා මෙමොන් යන ජාතින් ඉස්ලාම් ධර්මය අදහන්නන් වන අතර යටත් පිරිසෙන් හින්දු හා උර්දු භෂාව කතා කරයි.

මැලේ හෝ සිංහල භාෂාවෙන් ආගමික කටයුතු සිදුවන්නේද මැලේ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් සිටින ප්‍රදේශවල පමණි. වර්තමානය වනවිට මැලේ  භාෂාවෙන් ආගමික දේශනා ඉවත් වෙමින්  දෙමල භාෂාවෙන් සිදුවෙමින් පවතින බව දැකිය හැක.

අවාසනාවන්ත කරුණ වන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව දෙමළ බසට හුරුවීමේ හේතුවෙන් දෙමළ බස නොදන්නා සිංහල ජනයාට ඉස්ලාම් ධර්මය තවමත් ආගන්තුක ධර්මයක් බවට පත්වී තිබීමය. එසේවීමෙන් ඉස්ලාම් දහම පිළිබඳව ගොඩනැගෙන ඉතා වැදගත් කරුණු ගණනාවක් අදටත් අපේ රටේ සිංහල ප්‍රජාවට නුහුරුය. එබැවින් බොහෝ අවස්ථාවල දී වැරැදි වැටහීම් හේතුවෙන් මත ගැටුම් ඇතිවන තත්ත්වයන් අතීතයේ ද දක්නට ලැබිණි.

එසේ නොවී මෙරට මුස්ලිම්වරුන් අපේ රටේ ප්‍රධාන භාෂාව වන සිංහල තම මවුබස කරගත්තේ නම් සිංහල බස භාවිතා කරන ක්‍රිස්තියානි-කතෝලික  ප්‍රජාව මෙන් සිංහල බස භාවිතා කරන සිංහල මුස්ලිම් ප්‍රජාවක් බිහිවීමෙන් ඉස්ලාම් ධර්මය පිළිබඳ නිවැරැදි අවබෝධයක් සිංහල ජනතාවට ඇතිවනු නිසැකය.




Comments

  1. So, let us make the Sinhala motherland and the Muslims a decree'''ඉතින් අපි මුස්ලිම් අයට සිංහල මව්බස කරවමු..නීතියක් දාමු

    ReplyDelete
  2. හොද ලියවිල්ලක්.. මෙවන් තවත් ලියවිලි අවශ්‍යයි...

    ReplyDelete
  3. මැලේ මුස්ලිම් දරුවකුට පාසැල් අධ්‍යාපනය ලැබීමේදී තෝරාගත යුතු වන්නේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයි. මැලේ භාෂාව විෂයක් ලෙස පමණක් හැදෑරීමට හැකි වේ. සැබැවින්ම ඔවුන්ට තම මවු භාෂාවෙන් ඉගෙනීමට අවකාශ නැත. එම නිසා මැලේ බස භාවිතය ශ්‍රී ලංකා මැලේ ප්‍රජාව අතින් ගිලිහෙමින් ඇතැයි සිතේ..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මුස්ලිම් ජාතිකයන් යනු කවුද?

ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස මාද්‍ය තුලින් අප අසා ඇත. මුස්ලිම්  ජාතිකයන් ලෙස ජාතියක් හෝ ජනවර්ගයක් නොමැත .සිංහල ප්‍රජාව බොහෝ විට මුස්ලිම් ජාතිකයන් ලෙස හදුන්වන්නේ අනවබෝධය නිසාය. ඉස්ලාම් ආගම අදහන ප්‍රජාව හදුන්වන පොදු නාමය මුස්ලිම් කියාය. මුස්ලිම් ප්‍රජාව තුල විවිධ ජාතින්ගෙන් සැදුම්ලත් ආගමික ප්‍රජාවකි. උදාහරණයක් ලෙස සිංහල ජාතික බෞද්ධයන් සේම සිංහල ජාතික කතෝලික , සිංහල ජාතික මුස්ලිම්වරු සිටිති. ජාතිය හා ආගම සදහන් කිරිමේදී බොහෝ දෙනෙකු පටලවා ගන්නා තැනකි ආගම සහ ජනවර්ගය. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස පවසනවා මාද්‍ය තුලින් දැක ඇත්තෙමු. එය බුදුදහම අදහන බෞද්ධයන් ලෙස කිවා සමානය. බුදුදහම අදහන්නන් බෞද්ධයන් මිස බුදුදහම අදහන කතෝලිකයකු හෝ බුදුදහම අදහන මුස්ලිම්වරු ලෙස පැවසිය නොහැක. එය එක් ආගමික ප්‍රජාවක් නිසාය. එබැවින් නොදැනුවත්කම නිසාම මුස්ලිම් ජාතික බෞද්ධයන් ලෙසත් ප්‍රකාශ වන අවස්ථා නැතුවා නොවේ. සැබැවින්ම ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුල මුස්ලිම් ආගම අදහන විවිධ ජාතින් සිටිති. සිංහල මුස්ලිම්වරු මැලේ මුස්ලිම්වරු මුවර් හෙවත් යෝනක මුස්ලිම්වරු මරක්කල මුස්ලිම්වරු දෙමල මුස්ලිම්වරු බ

රාමසාන් උත්සවය යනු කුමක්ද ?

මාසයක්‌ පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ ඉතා වැදගත් ආගමික, ආචාර විද්‍යාත්මක, දාර්ශනික සහ ප්‍රායෝගික අගයක්‌ ඇත. මසක්‌ පුරා උපවාස ශීලය රැකීමෙන් එය රකින අයට කුසගින්න යනු කුමක්‌දැයි හරි හැටි ප්‍රත්‍යක්‍ෂ වෙයි. එවන් ශීලයක්‌ නොරැක තුන්වේල හොඳින් කා බී කුස පුරවන අයට සෙසු සමාජයේ නිරතුරු කුස ගින්නෙන් පෙළෙන ජනතාව ගැන කල්පනා නොවේ. අසරණ දිළිඳු හා රෝගී ජනයාට ධර්මයේ නියමිත පරිදි සකාත් ප්‍රතිපත්තිය අනුව ආහාරපාන ආදිය හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කළ යුතු බවට මෙම උපවාස ශීලයෙන් කෙරෙන සිහිගැන්වීම ඉතා වැදගත්ය. මුස්‌ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය එක්‌ එක්‌ අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස්‌ වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්‌ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයාගේ දර්ශනය පාදක කරගෙනයි. මෙදින මෙරට රාජ්‍ය හා බැංකු නිවාඩු දිනයකි. මෙම උත්සවයේ නිමිත්ත ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වූ අල් කුරානයේ නියම කොට ඇති පරිදි උපවාස ශීලය (Fasting) රැකීමයි. මෙම උපවාසය ශීලය අල්ලා නම් සර්වබලධාරී දෙවිඳු විසින් ජිබ්රිල් හෙවත් අලෙයි සලාම් නම් තම දූතයා මගින් මහමත්තුමාට කරන ලද එළිදරව්වෙහි ඇතුළත් වූවකි.