Skip to main content

Posts

ශ්‍රී ලංකාවේ යෝනක-මරක්කල අනන්‍යතාවය- ඓතිහාසික දැක්ම

ශ්‍රී ලංකාවේ යෝනක අනන්‍යතාවය වූ කලී බහු මුහුණත් සහිත වන අතර, කාලයත් සමග සමාජ, දේශපාලනික හා ඓතිහාසික සන්දර්භය හා අන්තර් ක්‍රියා කරමින් (යළි) ගොඩනැංවී තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ජනවාර්ගික ආගමික ප්‍රජාවක් වන අතර, ඔවුන් සිය ජනවාර්ගික අනන්‍යතාවයට ඔබ්ඛෙන් ආගමික අනන්‍යතාවය ඉස්මතු කිරීම ද,යම් කාලවලදී අවශ්‍ය වූ නිශ්චිත භෞතික, සමාජ හා දේශපාලනික ප්‍රතිලාභ අනුව එහි විරුද්ධ අනන්‍යතාවය ද ප්‍රකාශ කිරීම ද තෝරා ගෙන ඇතැයි යන්න පර්යේෂකයින්ගෙ නිරීක්ෂණය යි. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන්ගේ විෂයීයත්වය බොහෝ "රාමුගත කිරීමේ ක්‍රියාවලීන්ට"බඳුන් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ යෝනකවරුන් සිය අනන්‍යතාවය අර්ථ නිරූපණය කොට එම කාලයේ සමාජ-ආර්ථීක සහ දේශපාලනික ස්වභාවයට ආරෝපණය කර තිබේ. දකුණු ඉන්දියාවේ වෙරළබඩ යෝනකවරුන් මෙන්, ශ්‍රී ලංකාවේ යෝනකවරුන් ද මැදපෙරදිග හා ගිනිකොණ දිග ආසියාව අතර ඉන්දීය සාගරය තරණය කළ, අරාබි සහ පර්සියානු මුහුදු යාත්‍රික වෙළෙන්දන්ගෙන් පැවත එන මිශ්‍ර ජාතියකි ( McGilvray 2011). ශ්‍රී ලංකාවේ ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය ආරබි හා මැලේ වෙළඳාමේ ප්‍රතිඵලයක් වන අතර, දීර්ඝ කාලීනව රැඳී සිටීමේ හේතුව
Recent posts

සිංහල-යෝනක (මරක්කල) ගැටුම

ආගම වූ කලී දේවධාර්මික අර්ථනිරූපණය, ආගමික භාවිතාව හා පරිපාලනය මත පදනම්ව,එකඟ නොවීම හා විවිධත්වය අනුව හැඩ ගැසුණු සමාජ-දේශපාලනික ගොඩනැංවීමකි. මෙකී වෙනස්කම් වලට සමහර විට සාමකාමී සහජීවනයෙන් යුතුව පැවතිය හැකි නමුත්,බොහෝ විට ගැටුම්වලට මඟ පාදන, ආගමික අභ්‍යන්තර ගැටළුවලට හේතු වේ. කලාප,ජාතීන් හා ප්‍රජාවන් අනුව වෙනස් වන්නා වූ අර්ථනිරූපණ, භාවිතාවන් සහ පරිපාලනය සහිත බහුත්වයකින් සැකසුණු ඉස්ලාම් දහම ද ඉන් නොවෙනස් ය. ශ්‍රී ලංකාවේ සුළුතරයෝනක ප්‍රජාව, ඇත්තෙන්ම ඉස්ලාම් දහමෙහි වෙනස් අර්ථනිරූපණ, වටිනාකම් හා භාවිතාවන් වැළඳ ගන්නා විවිධ නිකායන්ට බිඳී ඇති නමුත් , (බහුතර ප්‍රජාවන් විසින්) ආගමිකව සමාන කණ්ඩායමක් ලෙස බහුලව සැලකේ.  එහෙත්.යෝනක ප්‍රජාවෙහි මෙම බහුත්වය හා එහි අභ්‍යන්තර දේශපාලනය පිළිබඳ ව ඇති නොදැනීම, එම ප්‍රජාවට එරෙහිවපුද්ගලයින් විසින් දරන අගතිගාමී අදහස්වලට ඛෙහෙවින් දායක විය හැකිය. මෑතකාලයේ දී, ශ්‍රී ලංකාවේ සමහර යෝනක කණ්ඩායම් අතර ගැටුම් ඇති වීමට, වෙනස්කම්හේතු වී ඇති අතර, එය මහජන ගැටුම් හා සමහර විට මරණයන්ට පවා මඟපාදා තිබේ. තවදුරටත් ජුබ්බා, හිජාබ්, නිකාබ්, රැවුල් සහ ඉහළ යන පල්ලි සංඛ්‍යාව විස

මරක්කල ජාතිකයන් යනු කවුරුන්ද? ආවේ කොහෙන්ද ?

මරක්කල ලෙස වර්තමානයේ ඉන්දියානු දමිල මුස්ලිම් ප්‍රජාව හැදින්වුවද ,අතිතය්දී කරාව කුලයේ ජනතාව හැදින්වූ තවත් නමක් වුයේ මරක්කල ලෙසය. මහ මරක්කලගේ , අරස මරක්කලගේ,අන්ද්‍රා මරක්කලගේ ,අතිනා මරක්කලගේ,කොඩි මරක්කලගේ,ලොකු මරක්කලගේ,මාන්න මරක්කලගේ,සන්ද්‍රා මරක්කලගේ සහ මරක්කල මලිමිගේ ආදී ලෙස පුද්ගල නාම කරාව කුලයේ ප්‍රජාව අතර එකල ජනප්‍රිය නාමයන්ය. කෙසේ නමුත් , මරක්කල යන නාමය දී ඇත්තේ අතීතයේදී මරක්කලම් ලෙස  දමිල වචනයෙන් හදුන්වන දැවයෙන් සැදු බෝට්ටු සදහා බව ඉතිහාසය සදහන් වේ.දකුණු ඉන්දියාවේ කේරල , නැගෙනහිර බෙංගාලය හා මලයාලම් ප්‍රදේශ වල ජනයා මරක්කාර් ලෙස හදුන්වන්නේ මෙම බෝට්ටු සදහාය.දකුණු ඉන්දියාවේ නැගෙනහිර වෙරල තිරයේ පිහිටි කුරු මණ්ඩල වෙරල තිරය මෙම මරක්කල බෝට්ටු සදහා ජනප්‍රිය බව කියවේ. 16,17,හා 18 වැනි ශත වර්ෂයේදී පෘතෘගිසි ,ලන්දේසි හා ඉංග්‍රීසි යටත් විජිත නාවික යුධ සටන්වලදී මෙම මරක්කල ලෙස හදුන්වන බෝට්ටු වර්ගය එකල නැගෙනහිර ඉන්දියානුවන්  භාවිතයට ගෙන ඇත. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති වෙලදාම් සදහා මෙම බෝට්ටු භාවිත කල බව ඉතිහාසයේ සදහන් වේ. කරාව කුලයද එදා මෙදාතුර සම්ප්‍රදායික ධිවර කර්මාන්තය සේම නාවි

මුස්ලිම් ජාතිකයන් යනු කවුද?

ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස මාද්‍ය තුලින් අප අසා ඇත. මුස්ලිම්  ජාතිකයන් ලෙස ජාතියක් හෝ ජනවර්ගයක් නොමැත .සිංහල ප්‍රජාව බොහෝ විට මුස්ලිම් ජාතිකයන් ලෙස හදුන්වන්නේ අනවබෝධය නිසාය. ඉස්ලාම් ආගම අදහන ප්‍රජාව හදුන්වන පොදු නාමය මුස්ලිම් කියාය. මුස්ලිම් ප්‍රජාව තුල විවිධ ජාතින්ගෙන් සැදුම්ලත් ආගමික ප්‍රජාවකි. උදාහරණයක් ලෙස සිංහල ජාතික බෞද්ධයන් සේම සිංහල ජාතික කතෝලික , සිංහල ජාතික මුස්ලිම්වරු සිටිති. ජාතිය හා ආගම සදහන් කිරිමේදී බොහෝ දෙනෙකු පටලවා ගන්නා තැනකි ආගම සහ ජනවර්ගය. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් ලෙස පවසනවා මාද්‍ය තුලින් දැක ඇත්තෙමු. එය බුදුදහම අදහන බෞද්ධයන් ලෙස කිවා සමානය. බුදුදහම අදහන්නන් බෞද්ධයන් මිස බුදුදහම අදහන කතෝලිකයකු හෝ බුදුදහම අදහන මුස්ලිම්වරු ලෙස පැවසිය නොහැක. එය එක් ආගමික ප්‍රජාවක් නිසාය. එබැවින් නොදැනුවත්කම නිසාම මුස්ලිම් ජාතික බෞද්ධයන් ලෙසත් ප්‍රකාශ වන අවස්ථා නැතුවා නොවේ. සැබැවින්ම ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුල මුස්ලිම් ආගම අදහන විවිධ ජාතින් සිටිති. සිංහල මුස්ලිම්වරු මැලේ මුස්ලිම්වරු මුවර් හෙවත් යෝනක මුස්ලිම්වරු මරක්කල මුස්ලිම්වරු දෙමල මුස්ලිම්වරු බ

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව කුමක්ද ?

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මවුබස කුමක්දැයි යන්න පිළිබඳව අන් ආගමික ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව අතරත් විවිධ මතිමතාන්තර ඕනෑතරම් පළවී ඇත. නමුත් මේ දෙපාර්ශ්වයේම බහුතරය විශ්වාස කරන්නේ මුස්ලිම් ජනතාවගේ මවු බස දෙමළ බස යන්නයි. ඇතැම් මුස්ලිම් ජනයා එය අරාබි බස විය යුතුය කියා ද මත පළ කරති. මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා විශේෂ දේව මෙහෙය දෙමළ හා අරාබි බසින් පැවැත්වීම ඊට හොඳම උදාහරණයකි. මේ නිසාම ශ්‍රී ලංකාවේ බහුතර දෙමල මුස්ලිම් ජනතාව භාවිතා කරන්නේ දෙමළ බසය. එය අද ඊයෙක සිට නොව පරම්පරා ගණනාවක කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නකි. ශ්‍රී ලාංකික බහුතර දෙමල මුස්ලිම් ප්‍රජාව දෙමළ බස කතා කළත්, කොළඹ, මහනුවර,හම්බන්තොට හා ගාල්ල වැනි ප්‍රධාන නගරවල මුස්ලිම් ජනතාව ඉංග්‍රීසි බසත්, සිංහල බසත් ,මැලේ බසත්  තම ප්‍රධාන භාෂාව බවට පත්කරගෙන සිටිති. විශේෂයෙන් හම්බන්තොට ජීවත්වන මුස්ලිම් ජනයා ඉතා නිවැරැදිව සිංහල බස හසුරුවති. මෙරට ජීවත්වන මැලේ මුස්ලිම් ජාතිකයන්ගේ  ප්‍රධානතම භාෂා වන්නේ ද මැලේ, සිංහල හා ඉංග්‍රීසිය. එහෙත් දෙමළ බස මුස්ලිම්වරුන්ගේ භාෂාවකැයි ලේබල් ගසා ඇති නිසාම මුස්ලිම් ජාතිකයකුට තවත් මුස්ලිම් ජාතිකයකු ම

ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා සහ ඉස්ලාම් දහම ප‍්‍රතිසංස්කරණය

ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප‍්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලූත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන් සහ මහම්මද්තුමාගේ සම්ප‍්‍රදායයන්ගෙන් සපයා ගැනෙන ඇතැම් ප‍්‍රතිපදා, නූතනත්වය සහ අදාළ සමාජ පරිවර්තනයන් සමග නොගැළපෙන හැම විටකම මුස්ලිම් විද්වතුන් සහ ක‍්‍රියාධරයන් කවදත් ප‍්‍රතිසංස්කරණයන් වෙනුවෙන් හඬ නගා තිබේ. ඇත්ත වශයෙන්ම, ඉස්ලාමීය අධ්‍යයනයන් පිළිබඳ ඉතා කීර්තිමත් ගිහි ශාස්ත‍්‍රඥයෙකු වන මොහොමඞ් ආර්කූන්(1928-2010) ඔහුගේ අසහාය කෘතිය නම් කෙළේ, ‘‘ඉස්ලාම් දහම: ප‍්‍රතිසංස්කරණය වෙයිද, අයාලේ යයිද’’ යනුවෙනි. කෙසේ වෙතත්, ප‍්‍රධාන වශයෙන් මුස්ලිම් නොවන හෝ කලක් මුස්ලිම් ක‍්‍රියාධරයන් වශයෙන් සිටි සුළුතරයක් අද වන විට අලූත් ඉල්ලීම් විශේෂයෙක් මතු කරමින් සිටිති. එනම්, ඉස්ලාම් දහම ප‍්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය, කුරානය ‘තහනම් කිරීමෙන්’ හෝ එය ‘කපා කොටා දැමීමෙන්’ පටන් ගත යුතු බව කියමින් කෙලින්ම කුරානය වෙතට ඇඟිල්ල දිගු කිරීමයි. ඔවුන්ගෙන් කෙනෙකු, ශුද්ධ වූ කුරානය, හිට්ලර් ලියූ ‘‘මගේ අරගලය’’ නැමැති කෘතියට සම කිරීමට තරම් දුර දිග ග

සුෆිවාදය - සුෆි දර්ශනය යනු

සුෆිවාදය යනු ඉස්ලාම් ආගමට අයත් ආධ්‍යාත් මික නිකායක් වන අතර එහි ඉතිහාසය 03 වැනි හා 09 වැනි ශතවර්ෂ දක්වා විහිදේ. සුෆි සාන්තුවරු ගිහි ජීවිතය අතහැර, සරල භාවනානුයෝගී ජීවිතයක් ගත කරති. භක්ති ගීත හා කවි ලියා ඒවා අල්ලාගේ නාමයෙන් ගායනා කිරීම මගින් දෙවියන් සමග ඍජු සබඳතාවක් ගොඩනගා ගත හැකි වග සුෆි බැතිමත්තු දැඩිව විශ්වාස කරති. දෙවියන් හා ගුප්ත ලෙස ඒකාත්මිකවීමට නම් භාවනාව හරහා මමත්වය නැති කළ යුතුය. සුෆි බැති ගී දෑත් විහිදා මිහිරි ලෙස ගායනා කිරීම යනු දෙවියන්ට හදපත්ළෙන්ම ආදරය පිරිනැමීමයි. සියලු ලෞකික තෘප්තීන් අතහැර දෙවියන්ට ප්‍රේම කිරීම සුෆිවරුන් හඳුන්වන්නේ ‘ඉෂ්ක්’ ලෙසය. මෙය ගැහැනු, පිරිමි අතර හටගන්නා හැඟීම්බර ආලයට වඩා වෙනස් එකකි. එක් දිනක සිය පෙම්වතියට දැඩි සේ ආදරය කරන පෙම්වතෙකු ඊළඟ දවසේ ඇගේ දොසක් දැක ඇයට සැබැවින්ම වෛර කරයි. වරෙක ඇය වෙනුවෙන් දිවි පිදීමට පවා කැපවන ඔහු තවත් විටෙක ඊර්ෂ්‍යාවෙන් උමතු වී ඇය මරා දැමීමට තැත් කරයි. ‘ඉෂ්ක්’ යනු ආත්මාර්ථය අබිබවා ගැඹුරටම ගමන් කරන දිව්‍යමය ප්‍රේමයකි. අදහන්නාගේ ආත්මය පතුලේ තැන්පත්ව තිබෙන මේ ආධ්‍යාත්මික දේව ප්‍රේමය, බැති ගී ඔස්සේ අවදි කොට ඔහු/ඇය දිව්‍යමය ධ්‍යානයක