ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප‍්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලූත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන් සහ මහම්මද්තුමාගේ සම්ප‍්‍රදායයන්ගෙන් සපයා ගැනෙන ඇතැම් ප‍්‍රතිපදා, නූතනත්වය සහ අදාළ සමාජ පරිවර්තනයන් සමග නොගැළපෙන හැම විටකම මුස්ලිම් විද්වතුන් සහ ක‍්‍රියාධරයන් කවදත් ප‍්‍රතිසංස්කරණයන් වෙනුවෙන් හඬ නගා තිබේ. ඇත්ත වශයෙන්ම, ඉස්ලාමීය අධ්‍යයනයන් පිළිබඳ ඉතා කීර්තිමත් ගිහි ශාස්ත‍්‍රඥයෙකු වන මොහොමඞ් ආර්කූන්(1928-2010) ඔහුගේ අසහාය කෘතිය නම් කෙළේ, ‘‘ඉස්ලාම් දහම: ප‍්‍රතිසංස්කරණය වෙයිද, අයාලේ යයිද’’ යනුවෙනි. කෙසේ වෙතත්, ප‍්‍රධාන වශයෙන් මුස්ලිම් නොවන හෝ කලක් මුස්ලිම් ක‍්‍රියාධරයන් වශයෙන් සිටි සුළුතරයක් අද වන විට අලූත් ඉල්ලීම් විශේෂයෙක් මතු කරමින් සිටිති. එනම්, ඉස්ලාම් දහම ප‍්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය, කුරානය ‘තහනම් කිරීමෙන්’ හෝ එය ‘කපා කොටා දැමීමෙන්’ පටන් ගත යුතු බව කියමින් කෙලින්ම කුරානය වෙතට ඇඟිල්ල දිගු කිරීමයි. ඔවුන්ගෙන් කෙනෙකු, ශුද්ධ වූ කුරානය, හිට්ලර් ලියූ ‘‘මගේ අරගලය’’ නැමැති කෘතියට සම කිරීමට තරම් දුර දිග ග...