Skip to main content

Posts

Showing posts with the label මරක්කල

ශ්‍රී ලංකාවේ යෝනක-මරක්කල අනන්‍යතාවය- ඓතිහාසික දැක්ම

ශ්‍රී ලංකාවේ යෝනක අනන්‍යතාවය වූ කලී බහු මුහුණත් සහිත වන අතර, කාලයත් සමග සමාජ, දේශපාලනික හා ඓතිහාසික සන්දර්භය හා අන්තර් ක්‍රියා කරමින් (යළි) ගොඩනැංවී තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ජනවාර්ගික ආගමික ප්‍රජාවක් වන අතර, ඔවුන් සිය ජනවාර්ගික අනන්‍යතාවයට ඔබ්ඛෙන් ආගමික අනන්‍යතාවය ඉස්මතු කිරීම ද,යම් කාලවලදී අවශ්‍ය වූ නිශ්චිත භෞතික, සමාජ හා දේශපාලනික ප්‍රතිලාභ අනුව එහි විරුද්ධ අනන්‍යතාවය ද ප්‍රකාශ කිරීම ද තෝරා ගෙන ඇතැයි යන්න පර්යේෂකයින්ගෙ නිරීක්ෂණය යි. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන්ගේ විෂයීයත්වය බොහෝ "රාමුගත කිරීමේ ක්‍රියාවලීන්ට"බඳුන් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ යෝනකවරුන් සිය අනන්‍යතාවය අර්ථ නිරූපණය කොට එම කාලයේ සමාජ-ආර්ථීක සහ දේශපාලනික ස්වභාවයට ආරෝපණය කර තිබේ. දකුණු ඉන්දියාවේ වෙරළබඩ යෝනකවරුන් මෙන්, ශ්‍රී ලංකාවේ යෝනකවරුන් ද මැදපෙරදිග හා ගිනිකොණ දිග ආසියාව අතර ඉන්දීය සාගරය තරණය කළ, අරාබි සහ පර්සියානු මුහුදු යාත්‍රික වෙළෙන්දන්ගෙන් පැවත එන මිශ්‍ර ජාතියකි ( McGilvray 2011). ශ්‍රී ලංකාවේ ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය ආරබි හා මැලේ වෙළඳාමේ ප්‍රතිඵලයක් වන අතර, දීර්ඝ කාලීනව රැඳී සිටීමේ හේතුව...

සිංහල-යෝනක (මරක්කල) ගැටුම

ආගම වූ කලී දේවධාර්මික අර්ථනිරූපණය, ආගමික භාවිතාව හා පරිපාලනය මත පදනම්ව,එකඟ නොවීම හා විවිධත්වය අනුව හැඩ ගැසුණු සමාජ-දේශපාලනික ගොඩනැංවීමකි. මෙකී වෙනස්කම් වලට සමහර විට සාමකාමී සහජීවනයෙන් යුතුව පැවතිය හැකි නමුත්,බොහෝ විට ගැටුම්වලට මඟ පාදන, ආගමික අභ්‍යන්තර ගැටළුවලට හේතු වේ. කලාප,ජාතීන් හා ප්‍රජාවන් අනුව වෙනස් වන්නා වූ අර්ථනිරූපණ, භාවිතාවන් සහ පරිපාලනය සහිත බහුත්වයකින් සැකසුණු ඉස්ලාම් දහම ද ඉන් නොවෙනස් ය. ශ්‍රී ලංකාවේ සුළුතරයෝනක ප්‍රජාව, ඇත්තෙන්ම ඉස්ලාම් දහමෙහි වෙනස් අර්ථනිරූපණ, වටිනාකම් හා භාවිතාවන් වැළඳ ගන්නා විවිධ නිකායන්ට බිඳී ඇති නමුත් , (බහුතර ප්‍රජාවන් විසින්) ආගමිකව සමාන කණ්ඩායමක් ලෙස බහුලව සැලකේ.  එහෙත්.යෝනක ප්‍රජාවෙහි මෙම බහුත්වය හා එහි අභ්‍යන්තර දේශපාලනය පිළිබඳ ව ඇති නොදැනීම, එම ප්‍රජාවට එරෙහිවපුද්ගලයින් විසින් දරන අගතිගාමී අදහස්වලට ඛෙහෙවින් දායක විය හැකිය. මෑතකාලයේ දී, ශ්‍රී ලංකාවේ සමහර යෝනක කණ්ඩායම් අතර ගැටුම් ඇති වීමට, වෙනස්කම්හේතු වී ඇති අතර, එය මහජන ගැටුම් හා සමහර විට මරණයන්ට පවා මඟපාදා තිබේ. තවදුරටත් ජුබ්බා, හිජාබ්, නිකාබ්, රැවුල් සහ ඉහළ යන පල්ලි සංඛ්‍යාව...

මරක්කල ජාතිකයන් යනු කවුරුන්ද? ආවේ කොහෙන්ද ?

මරක්කල ලෙස වර්තමානයේ ඉන්දියානු දමිල මුස්ලිම් ප්‍රජාව හැදින්වුවද ,අතිතය්දී කරාව කුලයේ ජනතාව හැදින්වූ තවත් නමක් වුයේ මරක්කල ලෙසය. මහ මරක්කලගේ , අරස මරක්කලගේ,අන්ද්‍රා මරක්කලගේ ,අතිනා මරක්කලගේ,කොඩි මරක්කලගේ,ලොකු මරක්කලගේ,මාන්න මරක්කලගේ,සන්ද්‍රා මරක්කලගේ සහ මරක්කල මලිමිගේ ආදී ලෙස පුද්ගල නාම කරාව කුලයේ ප්‍රජාව අතර එකල ජනප්‍රිය නාමයන්ය. කෙසේ නමුත් , මරක්කල යන නාමය දී ඇත්තේ අතීතයේදී මරක්කලම් ලෙස  දමිල වචනයෙන් හදුන්වන දැවයෙන් සැදු බෝට්ටු සදහා බව ඉතිහාසය සදහන් වේ.දකුණු ඉන්දියාවේ කේරල , නැගෙනහිර බෙංගාලය හා මලයාලම් ප්‍රදේශ වල ජනයා මරක්කාර් ලෙස හදුන්වන්නේ මෙම බෝට්ටු සදහාය.දකුණු ඉන්දියාවේ නැගෙනහිර වෙරල තිරයේ පිහිටි කුරු මණ්ඩල වෙරල තිරය මෙම මරක්කල බෝට්ටු සදහා ජනප්‍රිය බව කියවේ. 16,17,හා 18 වැනි ශත වර්ෂයේදී පෘතෘගිසි ,ලන්දේසි හා ඉංග්‍රීසි යටත් විජිත නාවික යුධ සටන්වලදී මෙම මරක්කල ලෙස හදුන්වන බෝට්ටු වර්ගය එකල නැගෙනහිර ඉන්දියානුවන්  භාවිතයට ගෙන ඇත. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති වෙලදාම් සදහා මෙම බෝට්ටු භාවිත කල බව ඉතිහාසයේ සදහන් වේ. කරාව කුලයද එදා මෙදාතුර සම...