මාසයක් පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ ඉතා වැදගත් ආගමික, ආචාර විද්‍යාත්මක, දාර්ශනික සහ ප්‍රායෝගික අගයක් ඇත. මසක් පුරා උපවාස ශීලය රැකීමෙන් එය රකින අයට කුසගින්න යනු කුමක්‌දැයි හරි හැටි ප්‍රත්‍යක්‍ෂ වෙයි. එවන් ශීලයක් නොරැක තුන්වේල හොඳින් කා බී කුස පුරවන අයට සෙසු සමාජයේ නිරතුරු කුස ගින්නෙන් පෙළෙන ජනතාව ගැන කල්පනා නොවේ. අසරණ දිළිඳු හා රෝගී ජනයාට ධර්මයේ නියමිත පරිදි සකාත් ප්‍රතිපත්තිය අනුව ආහාරපාන ආදිය හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කළ යුතු බවට මෙම උපවාස ශීලයෙන් කෙරෙන සිහිගැන්වීම ඉතා වැදගත්ය. මුස්‌ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය එක් එක් අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස් වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්‌ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයාගේ දර්ශනය පාදක කරගෙනයි. මෙදින මෙරට රාජ්‍ය හා බැංකු නිවාඩු දිනයකි. මෙම උත්සවයේ නිමිත්ත ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වූ අල් කුරානයේ නියම කොට ඇති පරිදි උපවාස ශීලය (Fasting) රැකීමයි. මෙම උපවාසය ශීලය අල්ලා නම් සර්වබලධාරී දෙවිඳු විසින් ජිබ්රිල් හෙවත් අලෙයි සලාම් නම් තම දූතයා මගින් මහමත්තුමාට කරන ලද එළිදරව්වෙහි ඇතුළත් වූවකි....
මැලේ,යෝනක,මුර්,මරක්කල සමාජය හා ඉස්‌ලාම් ධර්මය , ලාංකීය මුස්ලිම් සමාජය